Tuesday, March 8, 2011



03.පාඩම.Timeline Panel එක හදුනාගැනීම
අපි මුලින්ම මේ Timeline Panel එක කියන්නේ මොකක්ද කියල දැනගමු.අපි Project Panel එකට Video එකක් Import කරගෙන ඒ Video එක Comp Icon එක උඩට අතැරියට පස්සේ

අපේ Timeline Panel එකේ Video එක අනිවාර්යෙන් පෙන්නන්න ඕන,ඒවගේම Project Panel එකේ ඒ Video එකට අදාලව Composition එකක් හදාගන්න ඕන,දෙවැනි රූපේ බලන්න එකේ තියෙනවා Video එකට අදාලව Composition එකක් හැදිලා හරිනේද එහෙනම්,නැත්තම් ඔයාල හරියට Video එක Comp Icon එකට අතෑරල නෑ.ඒකනිසා ඔයාල Video එක හරියට දැම්ම නම් Timeline එකේ පෙන්නන්න ඕන.අපි බලමු කොහොමද කියල.
ඔය තියෙන්නේ Comp 3 Mov කියල ඇවිල්ල,එහෙනම් හරිනේද වැඩේ.
අපි ඊළගට ටිකක් කතා කරමු මේගැන After Effects කියන්නේ Layers වල වැඩ කරන Softwear එකක් එක නිසා අපි Timeline එකේ ගොඩක් පහලට පහලට Layers දාලා තමයි Editing කරන්නේ ඒවගේම ඔයාල ගත්ත Video ඒක Timeline එකේ වගේම Compositon එකෙත් පෙන්නනවා Composition එකෙන් බලාගෙන තමයි අපි Edit කිරීම් කරන්නේ එකත් මතක තියාගන්න ,video එකක් Timeline එකේ තියෙද්දී අපිට හදුනාගන්න ගොඩක් දේවල් තියෙනවා ඒවා මෙහෙම බලමු අපි.
Video එහෙකට අදාලව තියෙනවා ගොඩක් දේවල්,1 න් පෙන්නලා තියෙන පහලට අරින්න තියෙන ඊතලේ ඇරියම ඔයාලට හම්බවෙනවා Thansform කියල කොටසක් එකෙත් තියෙන ඊතලේ පහලට කලාම තියෙනවා Video එකට අදාල දේවල් ටිකක් අපි ඒටික මෙහෙම බලමු.එකටම තියෙන්නේ Anchor Point කියල නේද ඒකියන්නේ මෙන්න මේකට. ඔය රතුපාටින් රවුම් කරලා තියෙන Icon එක තමයි Anchor Point එක කියන්නේ ඒක වෙනස් කරන්න තමයි Timeline Panel එකේ Video එකට අදාලව Anchor Point කියල තියෙන්නේ.ඔයාල ඒක වෙනස් කරලා බලල කියයි ඒක වෙනස් වෙන්න කියල.එකෙන් වෙන්නදේ තමයි Video ඒක හරවන්න ඕන උනාම ඕක තමයි මද්‍ය ලක්ෂය වෙන්නේ.හරිද තේරුනාද නැත්තම් අපහු අහන්න හරිද.
Timeline එකේ Video ඒක යටතේ Thansform වල 2 වැනියට තියෙන්නේ Position කියන ඒක එකෙන් වෙන්නේ අපිට Video ඒක X,Y කියන අක්ෂවලට ගෙනියන්න පුළුවන් වීම.එකත් Anchor Point එකවගේම තමයි එත් ඒක වෙනස් කරනකොට Anchor Point එකත් එක්ක නේද ගමන් කරන්නේ නේද හොදට බලන්න,ඒකතමයි ඒ දෙකේ වෙනස.
3 වෙනියට තියෙන්නේ Scale කියන ඒක එකෙන් වෙන්නේ Video ඒක ලොකු පොඩිවිම.කරලම බලන්න තේරෙයි ඔයාලට,ඊලගට තියෙන්නේ Rotation එකෙන් වෙන්නේ Video ඒක කරකැවීම.ඊලගට තියෙන්නේ Opacity කියන ඒක එකෙන් වෙන්නේ Video ඒක Composition එකේ පෙන්න ඕන ගාන ඒකියන්නේ පෙනීම හා නොපෙනීම කියන ඒක.ඒක අඩුකලම නොපෙනේන්නත් වැඩිකලම පේන්නත් කියන ඒකත් කරලා බලන්න.බැරි උනොත් මට කියන්න.එහෙනම් මං ගියා පස්සේ අපහු ලියන්නම්,ඔයාලගේ කැමැතමත තමයි සේරම වෙන්නේ............

Monday, March 7, 2011

02.පාඩම.කොටස් හදුනාගැනීම
1.Project Panel

Project Panel 1 යටතේ අපි ඔයටිකගැන කතා කරමු
1).Comp එක ඔයාලට Video එකක් හදාගන්න ඕනනම් ඔයාල මුලින්ම Video එකක් After Effects වලට ගන්න ඕන නැත්තම් ඔයාල After වල ඇතුළෙන්ම Comp එකක් හදාගන්න ඕන.Video එකක් ගන්න ඕනනම් ඔයාල(Ctrl +i) මගින්හරි,Project Panel එකේ ඩබල් ක්ලික් කරලහරි ඔයාලගේ Video තියෙන තැනකින් Video එකක් තෝරලා Open කරන්න එතකොට Video එක Project Panel එකේ පෙන්නාවි.නැත්තම් File ගිහින් Import තුලින් File යන්න ක්ලික් කිරීමෙන්ද ඔයාලට videos After තුලට Import කරගන්න පුළුවන්.
2).ඔය icon එකෙන් පෙන්නන්නේ Delete කියන එක,ඔයාල Import කරගත්ත File,After වලින් හදාගත්හ File Delete කරන්නේ ඔය Icon එකන් පෙන්නන බටින් එකෙන්.
3).ඔය Icon එකෙන් පෙන්නන්නේ අපි After Effects වලදී පාවිච්චි කරන Color Channel එක,අපි After වලදී Color Channel 3ක් Use කරනවා
1. 8bits Per Channel

2.16bits Per Channel
3.32bits Per Channel අපිට Color Channel එක මාරු කරගන්න ඕනනම් Alt එකත් එක්ක Icon එක මත ක්ලික් කරන්න.
4).ඔය Icon එක තමයි Comp Icon එක,එකෙන් වෙන්නේ ඔයාල Video එකක් After වලට ගත්තට පස්සේ එක Edit කරන්නනම් ඒ Video එක Composition කියන Panel එකට දාගන්න ඕන.එකට දාගන්න තමයි ඔය icon එක තියෙන්නේ,ඔයාල Project Panel එකට ගත්ත VIdeo එක උස්සගෙන ඇවිත් ඔය icon එක උඩට අතාරින්න ඕන.ඊට පස්සේ මොකද වෙන්නේ කියල බලන්නකෝ.
5).Project Panel එකේ Folder හදාගන්න තමයි ඔය icon එක තියෙන්නේ ඕක ඔබලම බලන්නකෝ එතකොට තේරෙයි ඔයාලට
6).ඔන්න වැදගත්ම තැනට තමයි අපි ඇවිත් ඉන්නේ.ඔයාල ගත්ත VIdeo එක Comp Icon එක උඩට දැම්මට පස්සේ Project Panel එකේ හැදෙනවා ඔයාලගේ VIdeo එක නමින් Comp එකක් ඒ Video එකට අදාල විස්තර ටික තමයි ඒ තීරුවෙන් පෙන්නන්නේ.VIdeo එකේ Width එක Height එක.VIdeo එකේ දුවන Frame Rate එක වගේ දේවල් ගොඩක් බලාගන්න පුළුවන් එතනින්.අපි දැන් 6වෙනි කොටස ගැන ටිකක් විස්තර ඇතුව දැනගමු නේද.එක්කෝ පස්සේ කතා කරමු මට යකෙක් කන්න බඩගිනියි දැන් ඒකයි

6 වෙනි කොටසේ වැදගත්ම කොටස තමයි ඔය පෙන්නේ ඔයටික හරියට අදුරගත්තේ නැත්තම් ඉස්සරහට මාර අවුලක් තමයි වෙන්නේ ඒකනිසා හරියට බලාගන්න මේටික හොදේ.එකෙන් එක හීමිට බලමු අපි නේද
1).1280-720 කියන්නේ ඔයාල Import කරගත්ත Video එකේ Width එකයි Height එකයි.එක ඔයාල ගන්න Video එක අනුව වෙනස් වෙනවා.අපි Video වර්ග ගොඩක් බාවිත කරනවා ඒවා තමයි,NTSC,PAL,HDTV වගේ ඒවා.ඒටික ගැන අපි පස්සේ කතා කරමු.
2).0:00:10:00 අපි මේ ගැන හරියට බලමු.දකුණෙන් පටන්ගත්තාම පළවෙනි 00 තමයි Frame.අපි 3ds max ,Maya,වගේ Softwear වලින් Finel out එක ගන්නේ මේ Frame ගණන්වලින් (Frame 100,200 වගේ),එහෙම ගත්තම තමයි Frame එන්නේ.ඊලගට 10 පෙන්නන්නේ තත්පර,ඊලග 00 පෙන්නන්නේ විනාඩි,ඊලග 0 පෙන්නන්නේ පැය කියන එක.
3).ඕකෙන් පෙන්නන්නේ Frame Rate එක.අපි ගන්න ඕනෑම Video එකකට තියෙනවා Frame Rate එකක්.ඒවා Video වර්ගය අනුව වෙනස් NTSC වල තියෙන Frame Rate එක නෙවෙයි Pal වල තියෙන්නේ ඒවා එකට එකක් වෙනස්.ඔයාල හදන Video එක අනුව මේ Frame Rate එක වෙනස් කියල මතක තියාගන්න.මොන Video එක ගත්තත් අන්තිමට Video එක Edit කරලා අන්තිමට Out කරනකොට ඒ Video එකේ මුලින් තිබ්බ Frame Rate එකෙන්ම Out කරන්න මතක තියාගන්න.කටත් Video Edit කරද්දී මතුවෙන ප්‍රශ්නයක් තමයි ඕක.
4).ඕකෙන් කියවෙන්නේ Pixel Aspect Ratio එක කියන එක,ඕකත් Video වර්ගය අනුව වෙනස් වෙනවා.ඕකත් ගොඩක් වැදගත් කාරණයක්.ඔයටික හොදට මතක තියාගන්න ඉස්සරහට වැඩක් කරද්දී මතුවෙයි.එහෙනම් ඊලග ටික පස්සේ කතා කරමු හොදේ.

සුන්දරම ලස්සනම දවසක් ගෙවුනා...



අද අහම්බෙන් උනත් මට මගේ ආදරවන්තයව බොහොම නිදහසේ නිස්කලංකව මුණගැහෙන්න අවස්ථාවක් උදා උනා.ඉස්සෙල්ලම එයාව අදුන්වලා දෙන්නම්කො....මගේ ආදරවන්තයා තමයි චානක.. කියන්නේ ............මට මගේ ගෙදරින් එළියේ ලෝකය දකින්න ලැබෙන අවස්ථා හරිම විරලයි...ඉතින් එහෙම අවස්ථාවක් උදා උන මගේ ජිවිතයට...ඇත්තටම අහම්බෙන් උනත් ලස්සන දවසක්..කොහොමද දන්නවද එක උනේ..මට හදිස්සියේම town එකට යන්න අවස්ථාවක් ලැබුනා.ඉතින් මන් මගේ අදරවන්තයට කතාකරල කියුව එයාටත් මාව දකින්න එන්න කියල...ඉතින් ඉස්සෙල්ලාම town එකට ගියපු මම මගේ වැඩ ටික ඉක්මනින් ඉවර කරගත්ත..ඒ වෙනකොට මගේ චානක ඇවිත් තමයි තිබුනේ..එයා ඇවිත් තිබුනේ නම් තනියම නෙවෙයි..එය ඇවිත් තිබුනේ අපි දෙන්නගෙම හදවතට වඩාත්ම සමීප අපි දෙන්නටම හුගාක් ආදරය කරන අපේ හොදම යාලුවත් එක්ක..ඇත්තටම කියනවනම් අපේ කපු මහත්තයත් එක්ක තමයි එයා ඇවිත් තිබුනේ...එයා තමයි අපේ සමීන්....

ඉතින් ඔන්න අපි තුන්දෙනත් එක්කම පාරේ දිගේ ඇවිදන් ගියා මුදු වෙරළට යන්න කියලා..වැඩි දුරක් යන්න උනේ නැහැ..තවත් අපිට ගොඩාක් ආදරය කරන අම්මෙකුයි දුවෙකුයි අපට මුණගැහුනා...මේ තමයි අපේ යාළුවො කට්ටියගේ හුරතල්ම කෙල්ල...ඒ අම්මත් අපිට හුගාක් සමීප කෙනෙක්...අම්ම කෙනෙක්ට වඩා යාලුවෙක් තරමට අපිට ආදරය කරන කෙනෙක්..ඉතින් අපි කට්ටියම ඇවිදගෙන මුදු වෙරළට ගියා..මුදු වෙරල දැක්ක ගමන් මට නම් සිහියක් තිබුනෙම නැහැ..මොකද මට මෙහෙම අවස්ථාවක් ලැබෙන්නෙම නැහැනේ...මට චානක අමතක උනානේ..ආහ් අමතක උනාමත් නෙවෙයි...මන් එයාවත් දාලා අර නංගියත් එක්ක මුදු වෙරළේ රල මැද්දෙන් හුගාක් දුර දුවගෙන ගියා..හිතට පුදුම තරම් සතුටක් දැනුනා.ඇත්තටම කියනවනම් අතේ ඇගිලි ගානටත් වඩා අඩු වාර ගානක් තමයි මන් මේ වගේ අවස්ථා ජිවිතේ විදලා තියෙන්නේ..මට දැනුනේ හරියට මට පියාබන්න තටු ලැබිලා වගේ..පුදුම සැහැල්ලුවක් මුදු හුලග මට ගෙනාවා..රල පාරත් එක්ක මගේ හිතේ තිබූන හැම දුකක්ම ඇතට ඇදිල ගියා වගේ සැහැල්ලුවක් මට දැනුනා..එත් ටිකක් වෙලා යද්දී ඔන්න අපිත් එක්ක ගියපු අපේ කපු මහත්තයා ඇවිත් බැන්නා මට හොදටෝම...මන් චානක අමතක කරලා එයාව තනියම දාල හුගාක් දුර දුවල..එය මන් දිහා ඇත ඉදන් හුගාක් දුක්බර බැල්මක් හෙලාගෙන ඉන්නවා මන් දැක්ක...අයෙමත් ඇවිදගෙන මන් චානක ලගට ඇවිත් එයාගේ අතේ එල්ලුන..හරියට සමාව ගන්න වගේ.... එයාගේ මුණ පුරාවට ලස්සන හිනාවක් ඇදුනා.බලන්න අසයි ඒ හිනාව...

මන් හිතන්නේ එතකොට එයාගේ හිතේ දුක යන්න ඇති.. චානක කියන්නේ කවදාවත් මට සැර කරන්නේවත් නැති කෙනෙක්..එයාගේ ආදරේ පුදුමාකාර ආදරයක්..වෙලාවකට මට විදගන්න බැරිතරම් විශාලයි..මන් අතින් හුගාක් වෙලාවට නොහිතාම කරන වැඩ වලින් එයාගේ හිත හුගාක් රිදෙනවා...එත් එයා කවදාවත් හිත රිදුනා කියලවත් මට කියන්නෑ..... මොකද ඊට පස්සේ මගේ හිත එකට රිදේවි කියල...මම හිතන්නේ නැහැ ලේසියෙන් කෙනෙක්ට මේ වගේ ආදරයක් නම් ලැබෙව්යි කියල...ඒ අතින් නම් මන් පුදුම තරම් වාසනාවන්තයි...

ඉතින් අපි හුගාක් වෙලා මුදු රලත් එක්ක හරි හරියට සෙල්ලම් කළා..හරියට පුංචි එවුන් වගේ...ආහ් කියන්න අමතක වුනානේ..පස්සේ අපේ ගමනට තවත් කෙනෙක් එකතු උනානේ..ඒ අපේ යාලුවන්ගෙන් ඉන්න මල්ලියා...මන් එයාව අදුන්වල දෙන්නම් මෙන්න මෙහෙම..අපේ කට්ටියගෙන් හොදටෝම හිතුවක්කාරය මෙන්න මෙයා තමයි...අපි කට්ටියම පුදුම සතුටින් හිටියේ.ඔයාලා දන්නැනේ මගේ චානකටනම් තියෙන්නේ පුදුම ෆෝටො පිස්සුවක් තමයි... එයාට කොහේ ගියත් මගේ ෆොටෝ ගන්න ඕන..අයියෝ වෙලාවකට මන් මුණ දෙක කරන ඉන්න තරම්...ඉතින් එයා නම් ඇති වෙනකම් මතකයන් ගොඩකුත් එකතු කරගත්ත..ඊට පස්සේ ..මායි චානකයි ටිකක් දුර ඇවිදගෙන ගියා....චානකගේ අත් දෙකට මැදි වෙලා ඉද්දි මට දැනුනේ හරියට මුළු ලෝකයම මගේ වගේ...එයාගේ අත් මගේ කර වටේට තියෙද්දී මට කිසිම දේකට බයක් දැනෙන්නේ නැහැ...එයාගේ අත් මගේ ඉන වටේට තියෙද්දී මට හිතෙනවා මේ ලෝකේ ලස්සනම කෙල්ල මන් කියලා...මේ ලෝකේ වාසනාවන්තම කෙල්ල මන් කියලා...

එක හරිම අමුතු හැඟීමක්...අපි හවස පහමාර විතර වෙනකම් මුදු වෙරල පුරා ඇවිද්ද...අන්තිමට අපිට කුඩු වලට යන කුරුල්ලන්ගේ කිචි බිචියත් ඇහෙන්න පටන් ගත්තා.උනුත් අපි වගේම ගොඩාක් දුර ඉගිල්ලිලා හැන්ද කළුවර වැටෙද්දී ලහි ලහියට තමන්ගේ ගෙවල් බලා ඉගිල්ලිලා යනවා...මොනවා කරන්නද...කොයිතරම් සතුට ගෙනාපු කාලයක් වුනත් තවමත් අපිට එකට කූඩු වෙන්න පින් නැති හින්ද තවමත් අපිට රාත්‍රියේ හෙවනේලි වැටෙන්න පටන් ගනිද්දිම වෙන් වෙලා යන්න සිද්ද වෙනවනේ...සතුට වගේම දරාගන්න බැරි දුකකුත් ඒ වෙලාවෙනම් හිතට මහා හුගාක් දැනුනා..තදින්ම අල්ලන් හිටපු දෙයක් අතාරින්න වෙනවා වගේ...එත් කොයිතරම් දුක උනත් මොනවා කියලා නම් කරන්නද..අපි හැමෝම වෙන්වෙලා යන්න තීරණය කරා....ආදරෙන් හැමෝටම සමුදීලා අපි එන්න පිටත් වුනා.

මගේ චානකයි අපේ කපු මහත්තයයි දෙන්න නම් මාව ගෙදර කිට්ටුවටම ගෙනත් ඇරලවල තමයි ආපහු යන්න ගියේ...මට ලොකු සතුටකුත් එක්කම මොකක්දෝ ලොකු දුකකුත් හිතේ හිර කරගෙන ගෙදර දිහාවට ඇදුනා...ඔන්න ඔහොම තමයි කාලෙකින් ලැබුන ලස්සන දවස නිමා උනේ...
එහෙනම් ඔන්න මන් ගියා...අයෙත් හමු වෙමු............


සචී

Sunday, March 6, 2011

නුබ හදවතට එබුන දා...


අද මන් කියන්න යන්නේ මගේ අදර කතාවේ ඉතුරු ටික...මෙන්න මෙහෙමයි මේ කතාව පටන් ගන්නේ..මතකද අන්තිමට මන් කිව සුදු අක්ක කෙනෙක් මගේ skype name 1 ඉල්ලගත්ත කියල..ටික දවසක් යනකම් එයාගෙන් සද්දයක් නැහැ කියලත් කියුව..ඔන්න ඉතින් අද එතන ඉදන්..සතියකට පස්සේ මෙන්න ආව මට skype req 1ක්..මට මතක තිබුන මේ name 1 අර අක්කිගෙ තමයි කියල වෙලාවට...ඉතින් මන් එයාව add කරගෙන බලන් හිටිය දවසක එය චැට් කරනකම්..ඉතින් දවස් දකකින් විතර තමයි ඔන්න මෙය මට ඉස්සෙල්ලම චැට් එකේදී හමු වුනේ..ඉතින් එදා ඉදල දවස් දෙක තුනක් මේ අක්කිත් මාත් එක්ක චැට් කළා..
ඉතින් මෙහෙම ඉද්දි තමයි අමුතුම සිද්දියක් වෙන්නේ..දවසක් මේ අක්කි on line ඉන්නවා දැකල මන් hi කියුවනේ... මෙන්න ඉතින් එහා පැත්තෙනුත් මට කියනවා hi මම අක්කි නෙවයි අක්කිගෙ මල්ලි කියල...ඉතින් දෙයියනේ මන් දන්නේ කොහොමද අක්කිගෙ මල්ලිත් චැට් කරන්නේ මේ account එකෙන් කියල..මම ඉතින් ඩිම් වෙලා ගියා...පස්සේ තමා කලපනාවට අවේ මේ කියන්නේ එයාගේ මහත්තයාගේ මල්ලි වෙන්න ඕන කියලා..ඔන්න ඉතින් එහෙම තමයි මම එයාව අදුනගන්නේ..මේ අක්කි මට දීල තිබුනේ එයාගේ මල්ලිගේ skype name එක තමයි..මන් දන්නවය ඕව..ඉතින් එහෙම අදුන ගත්ත අපි ටිකක් ටිකක් හිතවත් වෙන්න පටන් ගත්ත..දවසින් දවස චැට් කල..අපි අපේ හැමදේම බෙදා ගන්න පුරුදු උනා..ඒ වෙද්දී මම එයාගේ කටහඩවත් අහල තිබුනේ නැහැ..අපි හැමදාම හවසට චැට් එකේදී හමුඋනා..
අන්තිමට එක පුරුද්දක් වුනා..සමහර දවසට එය රැට වැඩ කරද්දී මන් එයාගේ තනියට ගොඩාක් රැවෙනකම් ඉන්න පුරුදු උන.. අපි චැට් එකෙන් ගොඩක් හිතවත් උනා...අපි අපේ දුක සැප බෙදා ගත්ත...මම එයත් එක්ක මගේ ප්‍රශ්න හැමදේම කියන්න පුරුදු උන..ගොඩාක් දවස් යනකම් අපිට කතා කරන්න පුළුවන් උනේ නැහැ..ඒ වෙද්දී එයට උන හිත තැවුලක් නිසා එය mobile phone එකක් පාවිච්චි කරන එකත් අතැරලා හිටියේ..ඒ නිසා අපිට කතා කරන්න උනෙත් නැහැ..මෙහෙම මාසයකට කිට්ටු වෙන්න අපි චැට් එකේදී හමු වෙලා දුක සැප බෙදා ගත්තා..මෙහෙම යද්දී එය මට කියුව ඉක්මනට එයා අයෙත් mobile phone එකක් ගන්නවා කියලා..මටත් හරිම සතුටු හිතුනා මොකද ඉතින් මේ තරම් දවසක් කතා කලාට මන් එයාගේ කටහඩවත් අහල නැහැනේ..මමත් අසාවෙන් තමයි හිටියේ එයාගේ කටහඩ අහන්න ...අදහස් වලින් නම් අපි ගොඩාක් කිට්ටුයි කියල මට දැනුනා එයා එක්ක චැට් කරද්දී..එත් ඉතින් හිතන්න වෙනවනේ නිකම්ම නිකම් චැට් එකකින් කෙනෙක්ව අදුනගනිද්දී ..අද කාලේ හැටියට...මට ඉතින් ඕව නොහිතුනාමත් නෙවෙයි.. ..
කොහොමින් කොහොම හරි දවසක් වුනා මාර වැඩක්..මන් කියුවනේ කලින්ම අපි රැවෙනකම් චැට් කරනවා කියලා..දවසක් ඔන්න අපි මහා රැ දෙක විතර වෙනකම් චැට් කල.එය මට එවූවා ලස්සන සින්දුවක්... මහරැ දොළහට විතර තමයි එයා මට එක එවුවේ..එක හරිම පුදුම තරම් දැනුන හදවතට..හරිම ලස්සන හුගාක් හදවතට දැනුන සින්දුවක්...මම ලියන්නම් ඒ සින්දුවේ පද වැල ඔයාලටත් කියවන්න.. ..හදවතට හුගාක් දැනේවි...ආකාස කුසුම් ෆිල්ම් එකේ සින්දුවක්.

මා නුවන් පුරා නිල් අහස වසා..
මා ලවන් පුරා මල් සුවද සරා...
මල් හීන වැසි වැටෙනා විල් තෙරේ.....
උණ පදුරු සෙවනේ...
රෝස මල් සිප ඇදෙන පෙම් සුවදේ...
ආකාස කුසුම් යහනාවේ...
මට දැනෙනවා ආදරේ...
මට හැඟෙනවා ආදරේ...

නිල අහස තරම් ආදරේ අරන්..
ඔබේ නිල් ඇස් දෙකේ හංගල...
ඇසිපිය නොසලන් සිප ගන්න හෙමින්...
සද වතුර සද දිගේ ගලනවා..
මට ආදරේ හැගෙනවා....

මල් සුවද තරම් ආදරේ අරන්..
මගේ සිත ලග නතර වෙලා...
පෙම් බඹර තුඩින් මුව රද සැලෙමින්..
විල් තෙරේ මල් සුවද ගලනවා...
මට ආදරේ දැනෙනවා.....
මට ආදරේ දැනෙනවා...


මේ සින්දුව මට පුදුම තරම් හදවතට දැනුනා... ඉතින් ඊට පස්සේ ටිකක් වෙලා අපි චැට් කරද්දී
හදිස්සියේම එයාගේ connection එකට signel නැති වෙලා චැට් එක අතරමගදී නවත්තන්න වුන..ඉතින් අපි එදා කතා කලේ අපි ගැන...හදිස්සියේම කතාව නවත්තන්න වුන අපිට..ඒ වෙනකොට රැ දෙකත් පහු වෙලයි තිබුනේ..ඇත්තටම ඒ කාලේ මට නිදිමරණ පුරුද්දක් තිබුනෙම නැහැ..හැබැයි ඉතින් මේ අමුතු හැගීමත් එක්ක මටත් හොරෙන් නිදි මත නම් ඉගිල්ලිලා තිබුනේ..පලවෙනි දවස් වල නම් නිදි කිර කිර තමයි චැට් කලේ..ඉතින් මම ටිකක් වෙලා බලන් හිටියේ..ඒ වෙලාවේ නම් හිතට පුදුමාකාර නොඉවසිල්ලක් තමයි දැනුනේ..එත් කරන්න දෙයක් තිබුනෙම නැහැ..ටිකක් වෙලා පිස්සුවෙන් වගේ හිත හිත ඉද්දි...අර වෙලාවේ මගේ ෆෝන් එකට දන්නෙනැති අංකයකින් call එකක් අවා..
කවුද කියල හිත ගන්න නම් බැරි උනා...එත් හිතේ සැකයක් තිබුන මේ එයාද කියල...ඉතින් කෝකටත් කියල අරන් බැලුව..ගත්ත ගමන් මෙන්න කොල්ලෙක් hello කියුව... එය ඉස්සෙල්ලම කියුවේ මොනවද දන්නවද? එය ගනිපු ගමන් මට කියුව" සචී , මන් සිතිජ (අපි එයාගේ නම සිතිජ කියල හිතමු එත් එයාගේ නම එක නෙවේ එක එය අසම නම ඒ වගේම මගෙත් අසම නම )" කියලා...ඊට පස්සේ එය ඇහුව මගෙන් " කොහොමද කොහොමද " කියල එයා කියවගෙන ගියා..මට නම් හිතාගන්නවත් බැරි උනා..
දන්නවද මන් ජිවිතේ අහපු මගේ හදවතට වඩාත්ම දැනුන කටහඩ තමයි මට ඒ ඇහුනේ..මට හරිම අමුතුවට දැනුනා..පපුව හිරි වැටිලා ගියා ඒ කටහඩ අහපු පළවෙනිම මොහොතේ..එක වචනයෙන් විස්තර කරන්න බැරි පුදුමාකාර හැඟීමක්...එයාගේ කටහඩ ටිකක් බර කටහඩක්...හරිම ගැඹුරු බවක් ඒ කටහඩේ ගැබ් වෙලා තිබුනා..හිතන්න මහා රැ දෙකට විතර කවදාවත් කතා කරලා නැති කොල්ලෙකුයි කෙල්ලෙකුයි කතා කරද්දී පලවෙනි වතාවට කතා කරනකොට කොහොමද කියලා..ඉතින් ඔයාලට කියන්න විශේෂම දෙයක් උනානේ එදත්..එදා තමයි අපිට පලවෙනි බාල්දිය පෙරලුනේ...පලවෙනි දවසෙම පලවෙනි අවුල .ඔයාලට මතක ඇතිනේ මන් කියපු අර සුදු කෙල්ල සිතිජ ගේ නැණා .. එදා එයාගේ b' day
එක තිබුනේ හරියටම එදාමයි..සිතිජ මේ හදිස්සියේම මට කෝල් කරලා තිබුනේ එයාගේ ෆෝන් එකෙන් තමයි..ඉතින් එයත් ඇහැරගෙන ආවනේ..
සිතිජත් ඉතින් පැනපු ගමන් යාලුවෙක් ඉන්නවා කියල එයාට දුන්නේ නැත ෆෝන් එක.. මන් බැලුව මොකද මේ වුනේ කියලා..
ඉතින් ඔන්න මෙය මට හෙලෝ නම් කියුව..මාත් ඉතින් හෙලෝ කියලා උපන්දිනේට සුබ පැතුවා විතරයි මෙන්න මෙයා මගෙන් අහනවා
"මොකක්ද කරන්නේ මේ මහා රැ ඇහැරගෙන ඇයි නින්ද යන්නේ නැද්ද??????"
කියල ඇහුවේ නැත පැන්න ගමන් අම්මෝ මන් හොදටෝම බය වුනා... මට චූට්ටක් ගොතත් ගැහුනා..මන් ඊට පස්සේ චූටි උත්තරයක් දුන්නා..
" නැ අක්කේ මේ නින්ද ගියේ නැහැ එකයි මේ චැට් කලේ..."
" මගේ උපන්දිනේට විෂ් කරන්න ඇහැරන් හිටිය නෙවෙයිනේ " කියල මට ටිකක් තරහෙන් කියුව ...
මාත් ටිකක් බය වුනා..නිකන් අර ලස්සන හැගීම් ටික එහෙම පිටින්ම නැති වෙලා ගියා වගේ දැනුනා..ඇත්තටම කියනවනම් මන් ඒ දවස්වල මහා බයගුල්ලියෙක්...ඉතින් ඔන්න එහෙම වෙලා අපි දෙන්නගේ කතාවත් එදා එතනින් නතර වුනානේ..ඊට පස්සෙත් දවසක් දෙකක් ගෙවිල ගියා චැට් එකෙන් විතරක් අපි කතා කර කර..එහෙම ඉදල සිතිජ ඉක්මනින්ම ෆෝන් එකත් ගත්ත..ඔන්න ඉතින් දෙන්නත් එක්ක නිතරම කතා කරන්න පටන් ගත්ත..එය හැමදාමත් ලෙක්චර් යන්න කලින් මට කෝල් කරන්න පුරුදු වුන...හැමදාම උදේට මන් ඉන්නේ එයාගේ කෝල් එක බලාගෙන එය උදේට ගූඩ් මොර්නින්ග් කියනකම් දවස පටන් ගන්නේ නැහැ වගේ...මන් එකට පුරුදු උනා.මගේ පාලු ජීවිතේට එය අලුත් වෙනසක් ගෙනාව..අපි හුගාක් දේවල් ගැන කතා කර..හුගාක් වෙලාවට අපිට තිබුනේ හුගක් සමාන අදහස්..අපි හුගාක් වෙලාවට එකම විදියට තමයි හිතන්න පුරුදු වෙලා තිබුන දෙන්නෙක් නිසා හරිම පහසුවෙන් අපි කතා කළා......
අපි දවසින් දවස් හොදම යාළුවො උනා.එත් අපි කවදාවත් මුණ ගැහිලා තිබුනේ නැහැ..මුණු පොතෙන් විතරක් අපි අපේ ෆෝටෝ නම් දැකල තිබුනා...එයාට තිබුනා හරිම ලස්සන ගණ ඇහිබැමක්..මන් එයාගේ පෙනුමට හුගාක් අස කලා ..එයාට තිබුනේ හරිම වෙනස් පෙනුමක්..මට ඉස්සෙල්ලම එයාගේ ෆොටෝදැකපු දවසෙත් හරිම වෙනස් හැගීමක් තමයි දැනෙන්න ගත්තේ..එයාගේ කටහඩත් මට පුදුම හුරු පුරුදු බවක් තිබුනා..මේ හැමදේම හදවත හරිම අමුතු හැගීම් ගොඩාක් මට එකත් කරලා තිබුනේ..එත් මේ හැගීම් ගොඩ ගැන හරි අවබෝදයක් තිබුනේ නැහැ...
අපි මේ අත්දැකීම් සුන්දරව විදිද්දී සිතිජගේ ගෙදර ඇතුලේ ලොකු ප්‍රශ්නයකට මුල පුරලා තමයි තිබුනේ...

මට දැන් අදට ලියන එක නවත්තන්න ඕනා...ඔයාලට ටිකක් මන් වෙනුවෙන් බලන් ඉන්න වෙනවා..මන් ආයෙත් ඉක්මනින්ම ඇවිත් ඔයාලට මේ කතාව කියන්නම්...



After effctes
01 පාඩම.මුහුණත හදුනාගැනීම
අපි මෙහෙම කතාකරමු.චලන චිත්‍රක නිර්මාණය හෙවත් Motion Grapic සදහා යොදාගන්න ජනප්‍රියම මෘදුකාන්ගයකි. අද රුපවාහිනී වැඩසටහන් මෙන්ම චිත්‍රපට දැන්වීම් සදහා බහුලව යොදාගන්නා අතර,Mation Grapic මෙන්ම ස්පෙෂල් එෆ්ෆෙක්ට්ස් හෙවත් විශේෂ ප්‍රයෝග සදහා බහුලව යොදාගන්නේ මේ After Effects කියන Softwear එක .අපි බලමු මෙහි අලුත්ම සංස්කරණය After Effects cs5හී මුහුණත මොනවගේද කියල මොනවගේද කියල.


හරිනේද ඔන්න ඔයවගේ තමයි පෙන්නේ එත් ලෙසි නෑ හරිද අපි හිමින් සීරුවේ පටන්ගමුකෝ.එහෙනම් මුලින්ම මුහුණත හදුනා ගැනීම.පිළිවෙලට පටන්ගන්න එපාය නේද.

1.Project Panel
2.Timeline Panel
3.Composition Panel
4.Effects & Preset Panel
5.Preview Panel
6.Infomation Panel
7.Tools Panel
ඔන්න ඔයටික ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ.ඒටික අපි ඊලග පාඩමෙන් කතා කරමු.

Saturday, March 5, 2011

ඉද හිටවත් ඇවිත් යන්න...



ඔයාගේ ඔය ඇස් පාමුල
හිත තියන්න ඉඩක් දෙන්න
වරුවක් ඔබ ගැන හිතන්න
ඉදහිටවත් ඇවිත් යන්න...

කවියක් වගේ ගලප ගන්න
ඔබේ සිතුවිලි මට කියන්න
ආල රැයක පැතුමක් වී
මගේ සිහිනේ මල් පිපෙන්න.....

ආදරයෙන් ඔබ බලන්න
සද එළියේ ලගට එන්න
පෙම් සයුරේ මිහිර ගන්න
තවත් කුමට බලා ඉන්න...

හිතේ උන්නු නුඹ.....

ඔන්න අදත් මම ආවා..දිරිමත් කිරීමකුත් ලැබුන නිසා අද නම් ලියන්න පටන් ගත්තෙම ආසාවෙන්..
.නවත්තපු තැන ඉදන් ....මගේ හිතේ තිබුන හීනයක්..ඒ මට හුගාක් ආදරය කරන මාව හුගාක් ආදරෙන් බලාගන්න
පුළුවන් ආදරවන්තයෙක් ගැන..ආදරය කියන දේ ගැන මහා ලොකු අත්දැකීම් නැති උනත් හැම කෙල්ලෙකුටම
වගේම මටත් තිබුනා ලස්සන ආදරණිය පවුලක් ගොඩනගාගන්න ඕන කියන ප්‍රාර්ථනාව..
මම මේ ලියන අකුරක් අකුරක් ගානේ සම්පුර්න ඇත්තක් මිසක් මාවා ගනිපු දෙයක් නෙවෙයි..කෙනෙක්ට
හිතේවි මන් හරිම බොලද කෙල්ලෙක් කියල...එත් මම නම් හිතන්නේ හැම කෙල්ලෙක්ම තමන්ට
තේරෙන වයසේ ඉදන් හිතනවා තමන්ගේ ආදරවන්තය මොන වගේ වෙන්න ඕනද කියල...
මගේ හිතේ ජිවත් උනේ ටිකක් අමුතුම කෙනෙක්..ඇත්තටම ඒ වෙනකම් කවදාවත් මට මුණගැහිලා නැහැ ඒ වගේ
කෙනෙක්ව නම් ....මගේ හිතේ ඇඳිලා තිබුන එය මෙන්න මේ වගේ වෙන්න ඕන කියල...මම බලාපොරොත්තු උන කෙනාගේ
හැඩරුවක් චයාවක් මන් හිතේ ඇදගෙන උන්න...

දන්නවද එය මොන වගේ කෙනෙක්ද කියල... මෙන්න මේ වගේ..
එය හරිම සිත් ඇදගන්න පුළුවන් කටහඩක් ලස්සන කතාවක් තියෙන්න ඕන...එයාගේ කතාවට කෙනෙක්ට ඇහුම් කන්න දෙන්න
හිතෙන විදියේ කටහඩකට මන් හුගාක් ආස කළා...ඒ වගේම එයාගේ බැල්ම හරිම කෙලින් තියෙන්න ඕන..මොකද මන් පවුද්ගලිකවම
ඇස් මගෑරලා කතා කරන කෙනෙක්ට කැමති නැහැ..ඒ වගේම එයාට ලස්සන ගණ අහිබැමක් තියෙන්න ඕන.මන් අස කලේ
හොද පවුරෂත්වයක් තියෙන කෙනෙක්ට...ඇත්තටම කියනවනම් කා ලගවත් නැවෙන්නේනැති හොද ආත්ම අබිමානයක් තියෙන
කෙනෙක්ගේ දුකේදී හිත උනුවෙන මනුස්සකම හොදට අදුරන පොළොවේ පය ගහල ජිවත් වෙන්න දන්න ආදරණිය කොල්ලෙක්...
මන් මට තේරෙන විදියට මට හිතෙන විදියට හුගාක්වැදගත් දේවල් ටිකක් එයාගෙන් බලාපොරොත්තු වුනා....
.මම මගේ පවුල ඇතුලේ ප්‍රශ්න හුගාක් දැකල ඒවයෙන් හුගාක් හිත රිදවාගෙන හිටපු කෙනෙක්..

මට හුගාක්ම හිතන්න ඕන වුනා ජිවිතේ වැරදි තීරණයක් නොගෙන හරිම තීරණය ගන්න ඕන කියල..මම හුග්ගක්ම ඒ
කෙනාගෙන් බලාපොරොත්තු උන ප්‍රශ්නෙකදී චූට්ටක්වත් සැලෙන්නේ නැතුව මුණ දෙන්න පුළුවන් හොද ආත්ම ශක්තියක් තියෙන
කෙනෙක් ..වෙන්න ඕන කියන. එක .....ඒ වගේම එයාගේ වචන ස්ථිර වචන වෙන්න ඕන කියල මන් හිතුව..මොකද මන් කැමති නැහැ
නිතර වචන වෙනස් කරන මිනිස්සුන්ට...
කෙටියෙන් කියනවනම් කතාව මෙන්න මේකයි මන් කැමති හරිම ආඩම්බරකාර
හරිම හිතුවක්කාර තද තීරණ තියෙන මගේ හිතේ ඒ කෙනා ගැන ගවුරවයක් ඇති වෙන විදියේ මාව පාලනය කරන්න පුළුවන් විදියේ කෙනෙක්ට... මොකද
මන් ටිකක් විතර හිතුවක්කාර කෙල්ලෙක්...ටිකක් වැඩිපුර තරහ යන කෙල්ලෙක්..ඉතින් මන් දැනගෙන හිටිය ලේසියෙන් කෙනෙක්ට
මාව පාලනය කරගන්න බැහැ කියන එක...පාලනය කරනවා කියන්නේ නීති දාන එකම නෙවයි...දෙන්නෙක් එකට ජිවත් වෙද්දී වෙනස්ම
පාරවල් දෙකක යන්න බැහැ නේද??? ඉතින් අපි එකට යන්න අපිට අපිව හොදටෝම තේරුම් ගන්න වෙනවනේ..මන් හෙවුවේ මාව
හොදට තේරුම් ගන්න මාව විස්වාස කරන්න පුළුවන් මට මේ ලෝකේ ඉන්න හොදම කෙනාව...හැබැයි ඉතින් වුනේ මෙන්න මේකයි
හෙවුවා දේවල් ගොඩයි නේ..එහෙම කොල්ලෙක් නම් ලැබුනෙම නැහැ..ඉතින් මන් තනියෙන්...මොනව කරන්නද???


අදනම් ලිවුවේ වැඩකටම නැති දේවල් ටිකක්ද කොහෙද...අනේ මන්ද...දැන්නම් මට යන්නම වෙනවා...හෙට ඉදල මන් අයෙත් කතාව
ලියන්නම්කො වල්පල් නැතුව...

Friday, March 4, 2011

නුඹ අවුදින්.......





















නුඹ අවුදින්.......


හිරු දිලෙන මල් පිපෙන
වසබ්න්තය අවුදින්
මල් සිනා පුබුදුවන
හදවතට සැනසුමක්
රැගෙන නුබ අවුදින්...

මන්දාරමක අඳුර රැදී
මගේ හද කැල්ම
රිදවමින් හැඬු කඳුල
හදවතේ දුක්බර විලාපය
නොව අලුත් සිනහවක්
රැගෙන නම්බ අවුදින්...

විඳවමින් දුක දුන්නු
අතීතය සිහිනයක් ලෙසින්
නැවුම් පැතුමක්
රැගෙන නුඹ අවුදින්....

මළවුන්ගේ ලෝකයේ
සැරී සැරූ හදවතට
ජිවිතේ මිහිරි සුව
ජිවිතේ සුව හුස්ම පොද
රැගෙන නුබ අවුදින්.......

නුඹ වෙනුවෙන්....

මට බ්ලොග් ලියන 1 ගෙන ඇත්තටම කිසිම අත්දැකීමක් නැහැ..පුරුද්දක් විදියට බ්ලොග් කියවලත් නැහැ..දැන් මේක කියවන කෙනෙක්ට හිතෙන්න පටන් ගනීවි එහෙනම් කොහොමද අද මේ ලියන්නේ කියල...ඇත්තටම මේ මගේ ආදරවන්තයාගේ ඉල්ලීමක්..එයා නිතරම හිතනවා මගේ පාළුව නැති කරන්න පුළුවන් දෙයක් ගැන..ඉතින් එයා නිතරම ඉල්ලුව මගෙන් ලියන්න පටන් ගන්න කියල..ඒ විදියට තමයි මම මේ ලියන්න පටන් ගත්තේ.. එයා වෙනුවෙන් මන් ලියන්න පටන් ගත්තා.ඒ තරම් රසවත්ව ලියන්න නම් දන්නේ නැහැ.එත් එයා වෙනුවෙන් ලියනවා..මන් හිතුව මන් මොනවද ලියන්නේ කියල..මට තියෙන්නේ හරිම ලස්සන ආදර කතාවක්..ඉතින් මට හිතුනා ඒ ආදර කතාව මම ලියන්න ඕන කියල... ඉස්සෙල්ලම ලියන්න පටන් ගන්නම් මන් ගෙන කියල...
මම අවුරුදු 21 කෙල්ලෙක්.. සුන්දර ආදරයක හිමිකාරියක්....එහෙම තමයි මට මාව හදුන්වන්න වෙන්නේ...
මගේ ආදරය පටන් ගන්නේ මෙහෙමයි....
මට පන්තියකදී මුණගැහෙනවා සුදු කෙල්ලෙක්ව.. දැන් හිතනවා ඇති ඇයි මේ කෙල්ලෙක් ගැන කියන්නේ කියල..ඇත්තටම කියනවනම් මේ කෙල්ල නිසා තමයි හැමදේම වුනේ...සුදු අක්ක කෙනෙක්ව මට මුණගැහුනනේ.... ඉතින්..ටිකෙන් එයා මට හිතවත් වුනා ...ඒ වෙද්දී එයා marry කරලා මහත්තයාගේ ගෙදර තමයි හිටියේ.....ඉතින් ටික දවසක් යද්දී මේ අක්කි මට ගොඩාක් හිතවත් වුනා ...මගේ පාලුවට මට යාලුවෙක් මුණගැහුන.. දවසක් එය මගෙන් skype name 1 ඉල්ලගත්ත...ඔතනින් තමයි හැමදේම පටන් ගන්නේ..එත් කතාව පටන් ගන්න තැන ඔතන වුනත් ඒ සිදුවීම වෙලා හුඟක් දවස් යනකම් මුකුත්ම කියන්න තරම් දෙයක් වුනේ නැහැ..අඩු ගානේ එයාගෙන් මට request 1ක් වත් ලැබුනේ නැහැ... ....මටත් ඉතින් ඒ ගැන අමතකම වෙලා ගියා.... . ඒ කතාව ඔන්න මම ටිකකට එතනින් නවත්තන්නවා.... දැන් කියන්න යන්නේ ඒ වෙද්දී මගේ ජිවිතේ ගැනයි..

ඒ වෙද්දී මගේ ජිවිතේ තිබුනේ නම් මෙන්න මෙහෙමයි..........
මගේ ජිවිතේ ඒ වෙද්දී තිබුනේ පාලු වෙලා...හිනාවෙන්නත් මට අමතක වෙලා තිබුන කාලයක් තමයි ඒ වෙද්දී මගේ ජිවිතේ තිබුනේ..හොදටෝම පාලුවට ගිහින් තිබුනේ ජිවිතේ..බලාපොරොත්තුවක් තිබුනේ නැහැ මට මන් ගැනම..ඒ මොකද කියනවනම් මන් ඒ වෙද්දී දැනගෙන හිටියා මගේ අනාගතේ මන් බලාපොරොත්තු වුන ජීවිතය මට ලැබන්නේ නැහැ කියල... ... ඒ වෙද්දී මට marry කරන්න කෙනෙක් හිටිය..ඒ කියන්නේ මගේ කසාදෙ නම් තීන්දු වෙලයි තිබුනේ..එත් මගේ හිතේ එයාට කිසිම කැමැත්තක් තිබුනේ නැහැ.. එත් මම එයාට කැමැත්ත දීලයි තිබුනේ..අවුරුදු 3කට කලිනුයි මම එයාට කැමැත්ත දුන්නේ...ඉතින් මම හිටියේ මරන්න ගෙනියන එළුවා වගේ තමයි..මොකද මන් මගේ අම්මලට ආදරේ නිසා එයට කැමැත්ත දුන්නට මගේ හිතේ ඒ ගැන කිසිම හැඟීමක් තිබුනේ නැහැ..මම එයට ආදරේ කලෙත් නැහැ..මේ වෙද්දී මම හරිම දුකෙන් තමයි හිටියේ...මට ජිවිතේ එපා වෙලා හිටියේ..මොකද මට ජිවත් වෙන්න කිසිම හැඟීමක් ආසාවක් තිබුනේ නැහැ..මගේ අම්මල එයාට හුගාක් ආදරය කලා...ටිකක් තද බැඳීමක් එයා මගේ ගෙදර අයත් එක්ක ඇති කරගෙන තිබුනා........එයාට මම අර අනිත් හැමෝම ඒ වෙද්දී ආදරය කල...
දැන් හිතන්න වෙනවා ඇයි මන් එයාට කැමැත්ත දුන්නේ කියලා නේද? ඔව් හිතන්නම වෙනවා..මට ආදරය ගැන මහා විසාල හැඟීමක් තිබුනේ නැහැ..මන් හිතුව හැමෝම සතුටින් නිසා එයාට කැමති වෙන්න...එත් දවසින් දෙකෙන් මන් තේරුම් ගත්ත මන් හොයන ජිවිතේ කවදාවත් එයාට මට දෙන්න බැරි බව..එත් ඒ වෙද්දී මට කරන්න දෙයක් තිබුනේ නැහැ..මන් බලාපොරොත්තු උන ආදරය එයා ගාව තිබුනේ නැහැ.. එයා කවදාවත් මන් ගැන හෙවුවෙවත් මන් කවදාවත් එයා ගැන හෙවුවෙවත් නැහැ..මන් මගේ පාඩුවෙත් එයා එයාගේ පාඩුවෙත් ජිවත් උන..එත් හැමෝම ඉස්සරහ අපි දෙන්නගේ කසාදෙ නම් තීන්දු වෙලා තමයි තිබුනේ.. එකෙන් උනේ මට ජිවිතේ එපා උන එක විතරමයි.. හැබැයි ඇත්තටම කියනවනම් එය හරිම හොද මනුස්සයෙක්..එයා ලග හොද මනුස්සකම් තිබුනා.එත් ඒක ප්‍රමාණවත් වුනේ නැහැ මගේ හිතේ ආදරයක් ඇති කරන්න... මට තිබුන හරිම ලස්සන හීනයක්..ඒ හීනේ ඇතුලේ හිටියා හරිම ලස්සන හිනා කුමාරයෙක්..කවදාවත් හමු නොවුන..සිහිනෙන් විතරක් මට මුණගැහුන කුමාරයෙක්...ඒ වෙද්දී මන් හිතාගෙන හිටියේ කවදාවත් මගේ හින කුමාරයා මට මුණගහන්නේ නැහැ කියල...හැම කෙල්ලෙක්ටම වගේම මටත් තිබුන ලස්සනම ලස්සන හීනයක්..එත් දවසින් දවස මගේ ඇස් ඉස්සරහම ඒ හීනෙ මැරෙන්න පන අදිමින් තමයි තිබුනේ...එත් හීනෙන් මම දැක්ක ..මගේ කුමාරයව...හීනයක් වෙලා එයා මගේ ඇස් ඉස්සරහ මැවුනා...මේ විදියට දවස් ගෙවමින් තමා ඒ කාලේ මගේ ජිවිතේ ගෙවල දැම්මේ....
මේ කතාව හුගාක් නෙවෙයි එත් ටිකක් දිගයි.මම ටිකෙන් ටික ලියන්නම් .....ඉතින් අයෙත් පාලු දැනෙන වෙලාවට ලියන්නම්...

මම අදට නවතින්නම්...අයෙත් ඉක්මනින්ම මගේ හීන කුමාරයා ගෙන ඇවිත් කියන්නම්කො...

Thursday, March 3, 2011

ජීවිතේ සුන්දරද මෙතරම්...

මම කුඩා මොනවද කරන්නේ කොහොම කෙනක් දැ කියන මට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුනේ.මොකද මම තාම
මම ගැනවත් හරියට දන්නේ නැ.එත් මම ජීවිතේ ගොඩක් දේවල් පහුගිය කෙටි කාලයකින් ගොඩක් හොදට තේරුම් ගත්තා.ඇත්තටම කුඩා දුකේදී ඉන්නේ ප්‍රශ්න කියන්නේ මොනවද, ජීවිතේට මුණ දෙන්නේ කොහොමද වගේ ගොඩක් දේවල්.මම ඉගන ගත්තා ලොකුම වගේම වැදගතම් දේ තමා ප්‍රශ්න එන තරමට ජීවිතේ ලස්සනය් ප්‍රශ්න නැති ජීවිතෙත් හරියට පරිප්පු නැති හෝටලේ වගේ කියල. කුඩා කැමති පරිප්පු නැති හොටලෙකට. එකේ මේලෝකේ රහක් නැ නේ. ඉතින් මට තියන බය පරිප්පුත් හැමදාම කල එපා වේවිද කියල .....

මම දන්නා වැදගත්ම දේ තමා මම දැන් ජීවිතේට බය නැ.මොකද මම වැටුනම මහා නැගිට්ටවන්න කෙනක් ඉන්න නිසා :-}