Thursday, June 2, 2011

අමතක නොවන උපකාරයක්...


ඉතින් ඔන්න මන් අයෙමත් කාලෙකින්...මේ දවස්වල මගේ සිතුජ නම් ඉන්නේ හරිම හිතේ අමාරුවෙන්..මම මේ බ්ලොග් එක ලියන්නේ නැති එක ගැන..ඒ හින්දම ඔන්න කම්මැලි කම අතරල මන් අව අද ආයෙත් බ්ලොග් එක ලියන්න..කතාව නවත්තෙපු තැනින් මන් අද අයෙත් පටන් ගන්නම්කො.
ඉතින් එදා අම්ම call කරලා එන්න කිවම අපිත් දඩි බිඩියේම ගෙදර ආවනේ..ආවට පස්සේ තමයි රසම වැඩේ වුනේ..අම්ම මාව ගෙට දාගෙන ගැහුවා හොදටෝම කුඩේකින්..අනේ ඉතින් මොනවා කියා කරන්නද ඉවසපන් පපුව කියල චිත්ත දයිරියෙන් ඉවසගෙනම හිටිය..බැන්න බැන්නා මගේ කැලී නැතිවෙන්නම..අනේ ඉතින් මොනවා කියල කරන්නද..අම්මගේ හිත කඩලා call කරපු එකා..අම්ම ඉතින් මාව පරම්පරාවටම ලජ්ජා කරන්න අපු එකියක් කියල හොදටෝම අඩනවා..බලන් ඉන්න දුකේ බැහැ..අනේ ඉතින් මන් මොනවා කරන්නද..මන් හිමිහිට කාමරේට ගිහින් සිතිජට call එකක් දීල එයාට කීවා විස්තරේ..අනේ පව් එයත් හොදටෝම බයවෙලා..එයත් දුකින් මන් අම්මගෙන් හොදටෝම ගුටි කාපු එකට..එයා මට කීයුවා මේක කරන්න ඇත්තේ එයාගේ නැණ කියල..
එයා හිටියේ හොදටෝම තරහෙන්..මට වෙච්ච ඇබැද්දියට..එය ඒ වෙලාවේම එයාගේ අම්මට කතා කරලා මේ විස්තරේ කියල..අම්මටත් හොදටෝම තරහ ගිහින් අම්මත් කියල මේක නම් අනිවාර්යෙන්ම අක්කගේ වැඩක් තමයි කියල අම්මත් ඉක්මනින්ම ගෙදර ගිහින් අක්කට බනින්න..මන් ඊට පස්සේ සිතිජට කීවා එයාට බැනල ප්‍රශ්න ඇති කරගන්න එපා අපි හරියට දන්නෙත් නැහැනේ කියල..පස්සේ එයා හවස ගෙදර යනකොට අක්කට උන හැදිලලු..මොකද දන්නවද එයට මේ හදිස්සියේම උන හැදිලා තියෙන්නේ .. ඕක තමයි අර කතාවකුත් තියෙන්නේ පුහුල් හොරා කරෙන් දැනේ කියලා..මෙයා වැඩේ කරපු නිසා හොදටෝම බයෙවෙලා බයටම බොරු උනකුත් හැදිලා..
සිතිජ එයත් එක්ක කතා කරෙවත් නැහැ..ඊට පස්සේ මේ නැණ අඬ අඬ සිතිජට කතා කරන්න ඕන කීඋවා..පස්සේ නොකරම ඉදල අන්තිමට කතා කරා..මන් දන්නාහ ඒ දෙන්න මොනවා කතා කරාද කියලනම්..අන්තිමට අරය මට call කරලා ''නංගී මට සමාවෙන්න''මාත් ඉතින් හරි මොඩයිනේ ..අච්චර දෙයක් කරපු කෙනෙක්ට මන් කියුව '' කමක් නැහැ අක්කේ එක අමතක කරන්න'' කියලා ..එයා එදා මගේ අම්මට නම් පුදුම පල් පාට් එකක් තමයි දල තිබුනේ..එයා අම්මට තර්ජනය කරලා තිබුනේ..එයා කියලා තිබුනේ දොනියන්ද හදාගන්න..දොනියන්ද සුද්ද කරන්න එන්න එපා..කොල්ලොත් එක්ක ලජ්ජා නැතුව බ්ච් ගානේ යනවා..අනේ පව් මගේ අම්මට කතා කරගන්නත් බැරිවෙලා අම්මට බැනල මෙයා හොදටෝම..දෙපාරක්ම call කර කර..
එදා එකට මගේ අම්මගේ ඇස දෙකෙන් මහා හුගාක් කදුළු වැටුනා..මන් ගැනම මට ඇති උනේ කලකිරීමක් එදා.එත් ඒ වෙද්දී මට කරන්න දෙයක් තිබුනේ නැහැ..මොකද මන් සිතිජට වචනයක් දීලයි තිබුනේ..මට අම්ම ගැන මහා පුදුම දුකක් නොදනුනාම නෙමෙයි..එයත් මන් වගේම අම්මෙක් ඉන්න කෙල්ලෙක් ..මට අදටත් හිතාගන්න බැහැ එයා කොහොමද ඒ විදියට මගේ අම්මට බැන්නෙ කියලා..මොකද අම්මෙක් නැති දුවෙක් එහෙම කරා නම් හිත හදා ගන්න තිබුනා..එත් මන් එයාට බැන්නේවත් නැහැ ඒ මොකද කියනවනම් එයාට වගේ නෙමෙයි මට නම් මගේ අම්ම තාත්ත හොද නරක උගන්වල තිබුනා..මගේ අම්ම මට කවදාවත් උගන්වල තිබුනේ නැහැ අහිංසක මිනිස්සුන්ට නිරනාමිකව call කරලා බනින්න පල් පාට් දන්න.. එනිසා මන් ඉවසුවා..එත් මගේ ඉවසීම මේ වෙනකම් එයා ගණන් අරගෙන තියෙන්නේ මහා නොන්ජල් කමක් විදියට..සමාව දුන්න කියල එයා හැදුනේ නැහැ..එයා මහා ජරා විදියට සිතිජට සලකන්න පටන් ගත්ත..හරියට කෑමක් බිමක් වත් එයා හදල දුන්නේ නැහැ..එදා සිද්දිය නිසා අපේ ගෙදර හැමෝම බොහොම කලබල වෙලා තමයි හිටියේ..එයින් පස්සේ මට ගෙදර අපායක් උනා..කවුරුවත් මාව ගනන්ගත්තෙවත් නැහැ..
මට ගෙදරින් යෝජනා කරලා තිබුන අයියත් මගේත් එක්ක රණ්ඩු වෙන්න පටන් ගත්තා..ඒ වෙනකම් මන් සිතිජ ගැන ගෙදරට කියල තිබුනේ නැහැ..මගේ ගෙදර අය ලොකු කුතුහලයකින් හිටියේ කවුද එදා කෝල් කරේ කියලා.එයාල මාව එයින් පස්සේ මහා ලොකු වැරදි කාරයෙක් ගානට දාලා හිටියේ..එත් මන් හුගාක් ඉවසගෙන හිටියා..හොදම වෙලාව එනකම් අනිත් අයත් එක්ක කතා කරන්න..
මෙහෙම හුගාක් ඉවසගෙන ඉන්න මට බැරි වුනා ..මොකද එන්න එන්නම ගෙදර තත්වය නරක ඇතාට හැරෙන්න පටන් ගත්තා..අන්තිමට මන් තීරණය කළා ඕන දෙයක් වෙන්න කියලා අර අයියත් එක්ක මේ ගැන කතා කරනවා කියල..අන්තිමට මන් ඒ ඓයට කතා කරා, මන් එයාට මේ හැම විස්තරයක්ම බොහොම පැහැදිලිව කිඋව..මන් කියුවා එයාට ''මන් වෙන කෙනෙක්ට ආදරය කරනවා..එයා නැතුව මට ජිවත් වෙන්න බැහැ..මන් එයට ගොඩාක් ආදරය කරනවා... එනිසා මට යන්න දෙන්න කියලා..''එත් ඒ වෙලාවේ එයා අහගෙන හිටියා මන් කියපු දේවල් සද්ද නැතුව..අන්තිමට එයා ටිකක් තරහින් මට කියුවා ''මන් ඔයාව ගොඩාක් විස්වාස කරා මන් හිතුවේ නැහැ ඔය මෙහෙම කරාවි කියල''..මන් කියුව ''එයාට මට සමාවෙන්න. ආදරය කියන්නේ හිතල ඇති කරගන්න දෙයක් නෙමෙයි..මොනවා වුනත් මට එයාව අතාරින්න බැහැ'' කියලා..පස්සේ එයා මගෙත් එක්ක එතනින් එහාට කතා කරේ නැහැ...කොහොම වුනත් එයා ඒ වෙලාවේ අපේ ගෙදරට ඒ ගැන මොකුත්ම කියුවේ නැහැ..මන් හිතන් හිටියේ එයා අපේ අම්මට හැමදේම කියාව් කියලා..එත් එයා එහෙම කලේ නැහැ..
මොනවා වෙයිද කියල මන් හොදටෝම බයෙන් හිටියේ..සිතිජ මට නිතරම කතා කරා..මගේ හිත හැදුවා...මගේ හිත එයගේ ආදරෙන් පිරෙවුවා එයා..මන් හුගාක් හිත හයිය කරගෙන විස්වාසයක් හිතේ තියාගෙන බලන් හිටියා වෙන්නේ මොකක් ද කියල... අර අයිය මට කියුව මට අපේ අම්මට කියන්න කියල..එත් මන් කියුව ''සිතිජ ගැන දැනම අම්මට කියන්න බැහැ එයා කීයටවත් මේකට කැමති වෙන්නෑ ඒ නිසා අයිය අයින් වෙන්න මන් හෙමිහිට අම්මට තේරුම් කරලා දෙන්නම්..'' කියල..අන්තිමට ...එයා අයින් වෙන්නම් කියල..ඒ බව අම්මට කියන්න කියලත් කියුව...මට එදා ගොඩාක් දුක හිතුන දවසක් ..ඒ අයිය මට මගේ සතුට වෙනුවෙන් ලොකු පරිත්‍යාගයක් කලේ...මන් සදහටම එකට ණයගැති ... එත් අපි දෙන්නගේ වසානවක මහත කියනවනම් ප්‍රශ්න ඉවර වුනේ නම් නැහැ..තවත අලුත් අවුල් ගොඩක් පටන් ගත්ත එතනින් පස්සේ..
අම්මෝ අද නම් ගොඩාක් ලියුව..මන් අයෙත් ලියන්නම් අතීත ආදර මතකයන් මගේ...

2 comments:

  1. ප්‍රශ්න නැති ආදරේ පරිප්පු නැති හෝටලේ වගේ නේ යාලු... ප්‍රශ්න එක්කම ආදරයක් ගලන් යන එක කවදාක හරි මතක් කරලා සතුටු වෙන්න පුලුවන්....

    ReplyDelete
  2. ow oya hari...ape aadare nam me tharam lassana une me wage prashna nisamayi nimsha

    kalekata passe unath oya thamath me paththe ena 1 nam loku sathutak

    ReplyDelete