Monday, May 16, 2011

පලවෙනි යුද්ද ප්‍රකාශය..

ඉතින් හුග් කාලෙකට පස්සේ අයෙත් මන් මගේ කතාව ඔයාලට කියන්න ආවා..මුලින්ම සමාව ඉල්ලනවා මෙච්චර දවසක් ඔයාලා වෙනුවෙන් ලියන්න බැරි උනාට..ඉතින් මගේ ආදර කතාව නවත්තපු තැනින්ම ඔන්න අද පටන් ගන්නම්..ජනවාරි 1 අපි අපේ ආදරේ පටන් ගනිපු දවස..එදා අපි මුළු දවල් දවසෙම කතා කර කර තමයි හිටියේ...ප්‍රශ්න ගොඩාක් මැද්දේ වුනත් අපේ ආදරේ අපි හරිම සුන්දර විදියට වින්ද..ප්‍රශ්න ගොඩාක් තිබුනා.අපේ ගෙදරින් නම් මුලදී මොකුත්ම දැනගෙන හිටියේ නැහැ..එත් සිතිජගේ ගෙදර ඇතුලේ නම් මහා අවුල් ගොඩාක් තිබුනා..මොකද එයාගේ නැනා හැමෝගෙම හිත වලට විසබීජ පුරවල තමයි තිබුනේ.ඉතින් ඒ හැමෝගෙම හිත වල මන් ගැන කිසිම පැහැදීමක් තිබුනේ නැහැ..
එත් දවසක් සිතිජගේ අම්ම මගෙත් එක්ක කතාකලා..ඊට පස්සේ එයා මාව දකින්න ඕන කිඋව..මුණගැහිලා කතා කරන්න ඕන කියුවා..ඉතින් ඊට කීප දවසකට පස්සේ මන් සිතිජගේ අම්මව මුණ ගැහුනා..එදා ඒ අම්ම මට හුගාක් ආදරේ වුනා..අපි කතා කළා..ඊට පස්සේ අම්ම මගෙත් එක්ක කතා කර කර ඉදලා අම්මගේ යාලුවෙකුගේ ගෙදර යන්න ගියා..එදා ඇවිත් හිටිය සිතිජගේ යාළුවො ටිකකුත්..අපි කට්ටියම එකතු වෙලා එදා beach ගියා..ඉතින් යද්දී අර සිතිජගේ නැනාගේ නංගී මුණ ගැහිලා කතා කල...ඉතින් සිතිජ මාව එයාට අදුන්වලා දුන්නා..එය හරියට මන් දිහාව බැලුවේවත් නැහැ..එයාගේ මුණ පුරාම මන් දැක්කේ ඉරිසියාව..අඩුම ගානේ මාත් එක්ක හිනාවත් වුනේ නැහැ..ඉතින් ඊට පස්සේ අපි beach එක දිහාවට ඇවිදගෙන යද්දී මට ගෙදරින් call එකක් අවා..කතාකලේ මගේ අම්මා..එය එකසරෙටම මට හොදටෝම බනින්න පටන් ගත්තා..දැන්මම ගෙදර එන්න කියල මට බාන්න..එයාට කවුද call කරලා මන් ගැන කතා විදියට දේවල් කියලා..එයා හොදටම එකට කලබල වෙලා..මාත් හොදටෝම බය වුනා..අපි beach නොයා අයෙමත් හැරිලා ගෙදර අවා..සිතිජ මන් ලගින්ම ඉදන් මගේ හිත හැදුවා..ඒ වගේම නිම්නත් එහෙමයි එයාල දෙන්න මාව ගෙදර ලගටම ගෙනල්ල ඇරලුවා..මන් හුගාක් බයෙන් තමයි ගෙදර අවේ..අපු ගමන් අම්ම මාව ගෙට දාගෙන් හොදටෝම කුඩේකින් ගැහුවා...අනේ ඉතින් මොනවා කරන්නද ඉවසපන් පපුව කියල අඩන්නෙත් නැතුවම උන්නේ නැත...අනේ ඉතින් කාගේද නිර්නාමික ඇමතුමක් මගේ චරිතේ ගාතනය කරලනේ... අම්ම්මට හොදටෝම තරහ ගිහින්..බැන්න ඉතින් මගේ කැලි නැතිවෙන්නම.. මොනවා කරන්නද සද්ද නැතුව කන් වහගෙන අහගෙන හිටියා..ඔන්න දැන් තමයි අපේ අම්මත් යුද්ද ප්‍රකාශ කලේ...අනේ ඉතින් අයෙත් මන් ඔයාලට ලියන්නම් ...
අදට මන් නවතිනවා...

No comments:

Post a Comment