Friday, June 3, 2011

හිතට දැනුන දෙයක්...


ජිවිතේ පුරාවට අපිට විවිද විදියේ මිනිස්සුන්ව ආශ්‍රය කරන්න ලැබෙනවා..ඒ අතරේ මිනිස් වෙසින් ආපු දෙවියන් වගේ මිනිසුන් වගේම තිරිසන් වෙසින් ආපු මිනිස්සුත් අපිට මුණගැහෙනවා..මේ අතරින් මගේ මොකක්දෝ වාසනාවකට මට හොද ආදරවන්තයෙක් ලැබිලා තියෙනවා..එයා නිසා මට පුදුම විදියට ආදරය කරන සහෝදරයෝ ටිකකුත් ලැබිලා තියෙනවා..සමීන්, සිතාර, සිසාර,පුබුදු , රන්ජි, සිසිර අයිය අපි හැමෝම එක අම්මගේ දරුවෝ නෙමෙයි..එත් ඒ තරමටම අපි අතරේ ලෙන්ගතු කමක් තියෙනවා..මට සහෝදරයෝ නැති උනාට මන් දුකෙන් හිටියේ..එත් ඔයාල මගේ ජීවිතේට අපු දා ඉදල ඒ අඩුව පිරුනා..සදහටම ඔයාල වෙනුවෙන් ඕනෑම දෙකට මන් ඉන්නවා...මගේම එක බඩවැල කඩන් අපු සහෝදරයෝ වගේම මන් ඔයාලට හැමදාම ආදරෙයි....මේ සටහන තියන්නේ ඔයාල වෙනුවෙන් වචන නොවුන හිතේ තිබුන දේ කියාගන්න..එත් මන් දන්නවා නොකිවූවත් මේ ටික ඔයාල දන්නා බව...

ඔයාලගේම සහෝදරී.

සචී

Thursday, June 2, 2011

අමතක නොවන උපකාරයක්...


ඉතින් ඔන්න මන් අයෙමත් කාලෙකින්...මේ දවස්වල මගේ සිතුජ නම් ඉන්නේ හරිම හිතේ අමාරුවෙන්..මම මේ බ්ලොග් එක ලියන්නේ නැති එක ගැන..ඒ හින්දම ඔන්න කම්මැලි කම අතරල මන් අව අද ආයෙත් බ්ලොග් එක ලියන්න..කතාව නවත්තෙපු තැනින් මන් අද අයෙත් පටන් ගන්නම්කො.
ඉතින් එදා අම්ම call කරලා එන්න කිවම අපිත් දඩි බිඩියේම ගෙදර ආවනේ..ආවට පස්සේ තමයි රසම වැඩේ වුනේ..අම්ම මාව ගෙට දාගෙන ගැහුවා හොදටෝම කුඩේකින්..අනේ ඉතින් මොනවා කියා කරන්නද ඉවසපන් පපුව කියල චිත්ත දයිරියෙන් ඉවසගෙනම හිටිය..බැන්න බැන්නා මගේ කැලී නැතිවෙන්නම..අනේ ඉතින් මොනවා කියල කරන්නද..අම්මගේ හිත කඩලා call කරපු එකා..අම්ම ඉතින් මාව පරම්පරාවටම ලජ්ජා කරන්න අපු එකියක් කියල හොදටෝම අඩනවා..බලන් ඉන්න දුකේ බැහැ..අනේ ඉතින් මන් මොනවා කරන්නද..මන් හිමිහිට කාමරේට ගිහින් සිතිජට call එකක් දීල එයාට කීවා විස්තරේ..අනේ පව් එයත් හොදටෝම බයවෙලා..එයත් දුකින් මන් අම්මගෙන් හොදටෝම ගුටි කාපු එකට..එයා මට කීයුවා මේක කරන්න ඇත්තේ එයාගේ නැණ කියල..
එයා හිටියේ හොදටෝම තරහෙන්..මට වෙච්ච ඇබැද්දියට..එය ඒ වෙලාවේම එයාගේ අම්මට කතා කරලා මේ විස්තරේ කියල..අම්මටත් හොදටෝම තරහ ගිහින් අම්මත් කියල මේක නම් අනිවාර්යෙන්ම අක්කගේ වැඩක් තමයි කියල අම්මත් ඉක්මනින්ම ගෙදර ගිහින් අක්කට බනින්න..මන් ඊට පස්සේ සිතිජට කීවා එයාට බැනල ප්‍රශ්න ඇති කරගන්න එපා අපි හරියට දන්නෙත් නැහැනේ කියල..පස්සේ එයා හවස ගෙදර යනකොට අක්කට උන හැදිලලු..මොකද දන්නවද එයට මේ හදිස්සියේම උන හැදිලා තියෙන්නේ .. ඕක තමයි අර කතාවකුත් තියෙන්නේ පුහුල් හොරා කරෙන් දැනේ කියලා..මෙයා වැඩේ කරපු නිසා හොදටෝම බයෙවෙලා බයටම බොරු උනකුත් හැදිලා..
සිතිජ එයත් එක්ක කතා කරෙවත් නැහැ..ඊට පස්සේ මේ නැණ අඬ අඬ සිතිජට කතා කරන්න ඕන කීඋවා..පස්සේ නොකරම ඉදල අන්තිමට කතා කරා..මන් දන්නාහ ඒ දෙන්න මොනවා කතා කරාද කියලනම්..අන්තිමට අරය මට call කරලා ''නංගී මට සමාවෙන්න''මාත් ඉතින් හරි මොඩයිනේ ..අච්චර දෙයක් කරපු කෙනෙක්ට මන් කියුව '' කමක් නැහැ අක්කේ එක අමතක කරන්න'' කියලා ..එයා එදා මගේ අම්මට නම් පුදුම පල් පාට් එකක් තමයි දල තිබුනේ..එයා අම්මට තර්ජනය කරලා තිබුනේ..එයා කියලා තිබුනේ දොනියන්ද හදාගන්න..දොනියන්ද සුද්ද කරන්න එන්න එපා..කොල්ලොත් එක්ක ලජ්ජා නැතුව බ්ච් ගානේ යනවා..අනේ පව් මගේ අම්මට කතා කරගන්නත් බැරිවෙලා අම්මට බැනල මෙයා හොදටෝම..දෙපාරක්ම call කර කර..
එදා එකට මගේ අම්මගේ ඇස දෙකෙන් මහා හුගාක් කදුළු වැටුනා..මන් ගැනම මට ඇති උනේ කලකිරීමක් එදා.එත් ඒ වෙද්දී මට කරන්න දෙයක් තිබුනේ නැහැ..මොකද මන් සිතිජට වචනයක් දීලයි තිබුනේ..මට අම්ම ගැන මහා පුදුම දුකක් නොදනුනාම නෙමෙයි..එයත් මන් වගේම අම්මෙක් ඉන්න කෙල්ලෙක් ..මට අදටත් හිතාගන්න බැහැ එයා කොහොමද ඒ විදියට මගේ අම්මට බැන්නෙ කියලා..මොකද අම්මෙක් නැති දුවෙක් එහෙම කරා නම් හිත හදා ගන්න තිබුනා..එත් මන් එයාට බැන්නේවත් නැහැ ඒ මොකද කියනවනම් එයාට වගේ නෙමෙයි මට නම් මගේ අම්ම තාත්ත හොද නරක උගන්වල තිබුනා..මගේ අම්ම මට කවදාවත් උගන්වල තිබුනේ නැහැ අහිංසක මිනිස්සුන්ට නිරනාමිකව call කරලා බනින්න පල් පාට් දන්න.. එනිසා මන් ඉවසුවා..එත් මගේ ඉවසීම මේ වෙනකම් එයා ගණන් අරගෙන තියෙන්නේ මහා නොන්ජල් කමක් විදියට..සමාව දුන්න කියල එයා හැදුනේ නැහැ..එයා මහා ජරා විදියට සිතිජට සලකන්න පටන් ගත්ත..හරියට කෑමක් බිමක් වත් එයා හදල දුන්නේ නැහැ..එදා සිද්දිය නිසා අපේ ගෙදර හැමෝම බොහොම කලබල වෙලා තමයි හිටියේ..එයින් පස්සේ මට ගෙදර අපායක් උනා..කවුරුවත් මාව ගනන්ගත්තෙවත් නැහැ..
මට ගෙදරින් යෝජනා කරලා තිබුන අයියත් මගේත් එක්ක රණ්ඩු වෙන්න පටන් ගත්තා..ඒ වෙනකම් මන් සිතිජ ගැන ගෙදරට කියල තිබුනේ නැහැ..මගේ ගෙදර අය ලොකු කුතුහලයකින් හිටියේ කවුද එදා කෝල් කරේ කියලා.එයාල මාව එයින් පස්සේ මහා ලොකු වැරදි කාරයෙක් ගානට දාලා හිටියේ..එත් මන් හුගාක් ඉවසගෙන හිටියා..හොදම වෙලාව එනකම් අනිත් අයත් එක්ක කතා කරන්න..
මෙහෙම හුගාක් ඉවසගෙන ඉන්න මට බැරි වුනා ..මොකද එන්න එන්නම ගෙදර තත්වය නරක ඇතාට හැරෙන්න පටන් ගත්තා..අන්තිමට මන් තීරණය කළා ඕන දෙයක් වෙන්න කියලා අර අයියත් එක්ක මේ ගැන කතා කරනවා කියල..අන්තිමට මන් ඒ ඓයට කතා කරා, මන් එයාට මේ හැම විස්තරයක්ම බොහොම පැහැදිලිව කිඋව..මන් කියුවා එයාට ''මන් වෙන කෙනෙක්ට ආදරය කරනවා..එයා නැතුව මට ජිවත් වෙන්න බැහැ..මන් එයට ගොඩාක් ආදරය කරනවා... එනිසා මට යන්න දෙන්න කියලා..''එත් ඒ වෙලාවේ එයා අහගෙන හිටියා මන් කියපු දේවල් සද්ද නැතුව..අන්තිමට එයා ටිකක් තරහින් මට කියුවා ''මන් ඔයාව ගොඩාක් විස්වාස කරා මන් හිතුවේ නැහැ ඔය මෙහෙම කරාවි කියල''..මන් කියුව ''එයාට මට සමාවෙන්න. ආදරය කියන්නේ හිතල ඇති කරගන්න දෙයක් නෙමෙයි..මොනවා වුනත් මට එයාව අතාරින්න බැහැ'' කියලා..පස්සේ එයා මගෙත් එක්ක එතනින් එහාට කතා කරේ නැහැ...කොහොම වුනත් එයා ඒ වෙලාවේ අපේ ගෙදරට ඒ ගැන මොකුත්ම කියුවේ නැහැ..මන් හිතන් හිටියේ එයා අපේ අම්මට හැමදේම කියාව් කියලා..එත් එයා එහෙම කලේ නැහැ..
මොනවා වෙයිද කියල මන් හොදටෝම බයෙන් හිටියේ..සිතිජ මට නිතරම කතා කරා..මගේ හිත හැදුවා...මගේ හිත එයගේ ආදරෙන් පිරෙවුවා එයා..මන් හුගාක් හිත හයිය කරගෙන විස්වාසයක් හිතේ තියාගෙන බලන් හිටියා වෙන්නේ මොකක් ද කියල... අර අයිය මට කියුව මට අපේ අම්මට කියන්න කියල..එත් මන් කියුව ''සිතිජ ගැන දැනම අම්මට කියන්න බැහැ එයා කීයටවත් මේකට කැමති වෙන්නෑ ඒ නිසා අයිය අයින් වෙන්න මන් හෙමිහිට අම්මට තේරුම් කරලා දෙන්නම්..'' කියල..අන්තිමට ...එයා අයින් වෙන්නම් කියල..ඒ බව අම්මට කියන්න කියලත් කියුව...මට එදා ගොඩාක් දුක හිතුන දවසක් ..ඒ අයිය මට මගේ සතුට වෙනුවෙන් ලොකු පරිත්‍යාගයක් කලේ...මන් සදහටම එකට ණයගැති ... එත් අපි දෙන්නගේ වසානවක මහත කියනවනම් ප්‍රශ්න ඉවර වුනේ නම් නැහැ..තවත අලුත් අවුල් ගොඩක් පටන් ගත්ත එතනින් පස්සේ..
අම්මෝ අද නම් ගොඩාක් ලියුව..මන් අයෙත් ලියන්නම් අතීත ආදර මතකයන් මගේ...

Monday, May 16, 2011

පලවෙනි යුද්ද ප්‍රකාශය..

ඉතින් හුග් කාලෙකට පස්සේ අයෙත් මන් මගේ කතාව ඔයාලට කියන්න ආවා..මුලින්ම සමාව ඉල්ලනවා මෙච්චර දවසක් ඔයාලා වෙනුවෙන් ලියන්න බැරි උනාට..ඉතින් මගේ ආදර කතාව නවත්තපු තැනින්ම ඔන්න අද පටන් ගන්නම්..ජනවාරි 1 අපි අපේ ආදරේ පටන් ගනිපු දවස..එදා අපි මුළු දවල් දවසෙම කතා කර කර තමයි හිටියේ...ප්‍රශ්න ගොඩාක් මැද්දේ වුනත් අපේ ආදරේ අපි හරිම සුන්දර විදියට වින්ද..ප්‍රශ්න ගොඩාක් තිබුනා.අපේ ගෙදරින් නම් මුලදී මොකුත්ම දැනගෙන හිටියේ නැහැ..එත් සිතිජගේ ගෙදර ඇතුලේ නම් මහා අවුල් ගොඩාක් තිබුනා..මොකද එයාගේ නැනා හැමෝගෙම හිත වලට විසබීජ පුරවල තමයි තිබුනේ.ඉතින් ඒ හැමෝගෙම හිත වල මන් ගැන කිසිම පැහැදීමක් තිබුනේ නැහැ..
එත් දවසක් සිතිජගේ අම්ම මගෙත් එක්ක කතාකලා..ඊට පස්සේ එයා මාව දකින්න ඕන කිඋව..මුණගැහිලා කතා කරන්න ඕන කියුවා..ඉතින් ඊට කීප දවසකට පස්සේ මන් සිතිජගේ අම්මව මුණ ගැහුනා..එදා ඒ අම්ම මට හුගාක් ආදරේ වුනා..අපි කතා කළා..ඊට පස්සේ අම්ම මගෙත් එක්ක කතා කර කර ඉදලා අම්මගේ යාලුවෙකුගේ ගෙදර යන්න ගියා..එදා ඇවිත් හිටිය සිතිජගේ යාළුවො ටිකකුත්..අපි කට්ටියම එකතු වෙලා එදා beach ගියා..ඉතින් යද්දී අර සිතිජගේ නැනාගේ නංගී මුණ ගැහිලා කතා කල...ඉතින් සිතිජ මාව එයාට අදුන්වලා දුන්නා..එය හරියට මන් දිහාව බැලුවේවත් නැහැ..එයාගේ මුණ පුරාම මන් දැක්කේ ඉරිසියාව..අඩුම ගානේ මාත් එක්ක හිනාවත් වුනේ නැහැ..ඉතින් ඊට පස්සේ අපි beach එක දිහාවට ඇවිදගෙන යද්දී මට ගෙදරින් call එකක් අවා..කතාකලේ මගේ අම්මා..එය එකසරෙටම මට හොදටෝම බනින්න පටන් ගත්තා..දැන්මම ගෙදර එන්න කියල මට බාන්න..එයාට කවුද call කරලා මන් ගැන කතා විදියට දේවල් කියලා..එයා හොදටම එකට කලබල වෙලා..මාත් හොදටෝම බය වුනා..අපි beach නොයා අයෙමත් හැරිලා ගෙදර අවා..සිතිජ මන් ලගින්ම ඉදන් මගේ හිත හැදුවා..ඒ වගේම නිම්නත් එහෙමයි එයාල දෙන්න මාව ගෙදර ලගටම ගෙනල්ල ඇරලුවා..මන් හුගාක් බයෙන් තමයි ගෙදර අවේ..අපු ගමන් අම්ම මාව ගෙට දාගෙන් හොදටෝම කුඩේකින් ගැහුවා...අනේ ඉතින් මොනවා කරන්නද ඉවසපන් පපුව කියල අඩන්නෙත් නැතුවම උන්නේ නැත...අනේ ඉතින් කාගේද නිර්නාමික ඇමතුමක් මගේ චරිතේ ගාතනය කරලනේ... අම්ම්මට හොදටෝම තරහ ගිහින්..බැන්න ඉතින් මගේ කැලි නැතිවෙන්නම.. මොනවා කරන්නද සද්ද නැතුව කන් වහගෙන අහගෙන හිටියා..ඔන්න දැන් තමයි අපේ අම්මත් යුද්ද ප්‍රකාශ කලේ...අනේ ඉතින් අයෙත් මන් ඔයාලට ලියන්නම් ...
අදට මන් නවතිනවා...

නුබ යන්න ගිහින්...


තරු කඳුළු බින්දු...
නෙත් පුරා ඉහිරුන..
අමිහිරි වූ වදන් වැල්..
දෙසවන අගුල් වට්ටවූ..
විතරක්ම ඉතිරි කොට නුබ යන්න ගිහින්..

සිත පුරා දුක් මතක..
මගේ ලෝකයම පුරවලා..
ලොබ කමින් දුන් සතුට රැගෙන..
නුබ යන්න ගිහින්...

නුබෙන් මා ලද මතක..
පොඩි කර දමා...
දිනෙන් දින රැකගත්තු ජීවිතය..
කිළුටු කර අතහැර දමා..
නුබ යන්න ගිහින්...

Thursday, March 10, 2011

ඔබ නමින් උපන් ප්‍රේමය...


මන් කාතාව නැවැත්තුවේ සිතිජයි මායි හුගාක් හිතවත් වුන එක ගැන ලියලා..ඉතින් දවසින් දවස හුගාක් අපි ලං වුනා..අපි දෙන්නටම කතා නොකර ඉන්නම බැරි වුනා..මට හුගාක් දැනෙන්න ගත්තා මගේ හිතේ උන්නු කෙනා තමයි මේ ඉන්නේ කියලා..හරිම අමුතු හැඟීම් ගොඩාක් හිතේ පිරිලා තිබුනා..ඒ කටහඩ මට මොනවදෝ කියනවා වගේ මට දැනුනා..මට හුගාක් බය හිතුනා..මොකද මගේ කසාදෙ තීන්දු වෙලයි තිබුනේ..මට රෑට නිදා ගන්න බැරි උනා එයාට කතා නොකර උදේට දවස පටන් ගන්න බැහැ වගේ එයාගේ කටහඬ අහන්නේ නැතුව..මන් හිතන්න පටන් ගත්තා එයා නැතුව මන් කොහොමද ජිවත් වෙන්නේ කියලා..එත් අපි අතරේ ආදරයක් කවදාවත් ඇති වෙන්න බැහැ කියලයි මන් හිතන් හිටියේ..මොකද මන් හිතාගෙන හිටියේ සිතිජ බලාපොරොත්තු වෙන කෙල්ල හුගාක් ලස්සන වෙන්න ඕන කියලා තමයි මන් හිතන් හිටියේ.. ඒවගේම මට හරි අමුතුවට හිතුනා ඒ ගැන ..එයා කවදාවත් මන් වගේ කෙල්ලෙක්ට ආදරය කරන එකක් නැහැ කියලා මගේ හිත මට කියුව.. මන් හුගාක් හිතුවා මගේ හිත එයාට ආදරෙයිදෝ කියලා..
ඒ හැඟීමත් එක්ක මගේ හිතේ ගොඩ නැගිලා තිබුනේ එයාට ආදරය කරන්න මහා බයක්..ඇත්තටම මන් හුගාක් බයෙන් හිටියේ මගේ හිත එයාට ආදරය කරයිදෝ කියල්ලා..මන් හැමතිස්සෙම කියුව අපි හොද යාළුවො කියලා..එත් සිතිජ ඒ වෙලාවට මගෙන් අහනවා.." ඔයා ඔය මතක් කරලා දෙනවද ඔයාට අපි හොද යාළුවො කියලා අය ඔයාට එක අමතක වෙනවද.." මට හිත ගන්න බැරි වුනා එය එහෙම අහද්දී..මටම හරි තේරුමක් තිබුනේ නැහැ මන් ය එහෙම කරන්නේ කියල..එත් මන් හිතන්නේ මන් හැමතිස්සෙම ඒක මතක් කළා මගේ තිබුන බය නිසාම..
මෙහෙම දවස් ගෙවෙද්දී අපිට ඕන වුනා ඉක්මනිම්ම අපිව දකින්න දැකල කතා කරන්න..එයාට හිටිය යාලුවන්ගෙන් ඒ වෙද්දී එයා ලගින්ම හිටියා හොද යාලුවෙක්..එයා නිම්න කියලා මන් ඔයාලට අදුන්වල දෙන්නම්..ඉතින් මේ නිම්නයි මමයි සිතිජයි මුණ ගැහෙන්න දිනයක් දා ගත්තා..ඉක්මනින්ම අපි මුණ ගැහුනා..මට හිතා ගන්න බැරි වුනා සිතිජව දැක්කම එයා හුගාක් ලස්සනයි..හරියටම මගේ හීන කුමාරයා වගේමයි..අනේ මට දැනුනා මන් කාලයක් තිස්සේ හොයපු කෙනා තමයි මේ ඉන්නේ කියලා..මට ඇත්තටම එදා කතා කරගන්න බැරි වුනා..එයා එදා මගේ හිතේ පැලපදියම් වුනා..මට හුගාක් ලොකු බයක් දැනෙන්න පටන් ගත්තා ඒ ගැන..ඉතින් මන් උත්සාහ කළා එයාගෙන් ටිකක් ඇත් වෙලා ඉන්න..සමහරදවසට මන් රෑට එයා එක්ක කතා නොකරම නිදාගන්න ගියා..හැබැයි මන් එහෙම කරපු දවසට මන් විතරක්ම නෙවෙයි එයත් නිදි නැතුවයි ඉදල තියෙන්නේ...
එත් එක මගේ මහා මෝඩ වගේම අසාර්ථක උත්සාහයක්..මෙහෙම කාලය ගෙවෙද්දී එයා මට දවසක් කියුවා..එයාගේ හිතේ ඉන්න කෙනාට තියෙන්න ඕන හැමදේම වගේ මගේ ලග තියෙනවා..ඒ නිසා මන් බදින්නේ නැතුව තව අවුරුදු පහක් හිටියොත් එයා කොහේ හිටියත් ඇවිල්ල මාව බැදලා මාව එයා ලගට ගන්නවා කියලා...මට ඒ වෙලාවේ හුගාක් දුක හිතුනා..මොකද මට දැනුනේ එයා ඒ වෙද්දී මන් ජිවත් වෙන විදිය දැකලා මට අනුකම්පා කරලා එහෙම කියුවා කියලයි..මගේ දුක නැති කරන්න හිතෙන නිසා මගේ හොද යාලුවෙක් නිසා එයා එහෙම කරනවා කියලා හිතන් එදා මන් ඇස් දෙකට කඳුළු පුරවාගෙන හිටියේ..එත් මට හොදටෝම එයාව ඕන නිසා මන් අම්මලාට කියුව මට තව අවුරුදු පහක් යනකම් බඳින්න බැහැ කියලා..දවසක් ඒ අයියයි මගේ අම්මයි පුංචි අම්මයි කතා කළා මගේ මංගල්ලය ඉක්මනටම ගන්න ඕන කියලා..මන් අදාල පුංචිට කිඋවා මට න දැන්ම බදින්න නැහැ මට තව අවුරුදු පහක් යනකම් වත් නිදහසේ ඉන්න දෙන්න කියලා..ඒ වෙලාවේ අම්මට නම් හොදටෝම තරහ ගියා..යන්තම් පුංචි අම්ම තමයි ශේප් කරගත්තේ..ඒ වෙද්දී මගේ හිතේ තිබුනා අවුරුදු පහක් යනකම් මන් බදින්නැහැමයි කියලා..
දෙසැම්බර් විසිහය වෙනිදා මන් නෑදෑයෝ කට්ටියක් එක්ක beach ගියා ..මට ඒ වෙලාවේ සිතිජව හුගාක් මත උනා..එයා මගෙත් එක්ක හිටියනම් කියලා මට හිතුනා.රල්ලවත් පාගන්නේ නැතුව මන් ගලක් උඩට වෙලා හුගාක් කල්පනා කරා..මට මොකද මේ වෙලා තියෙන්නේ කියලා..කන්න ගියත් නිදා ගන්න ගියත් නින්දෙන් නැගිට්ටත් කෙනෙක් එක්ක කතා කරත් මොනවා කලත් මට එයාවමයි මතක් වෙන්නේ..මන් හැමදේම ගැන හුගාක් හිතන්න පටන් ගත්තා.මට දැනුනේ හැමදේම පැටලුනු නුල් බෝලයක් වගේ කියලා...මන් සිතිජට කෝල් කළා එත් එයා ගත්තේ නැහැ..මට දරා ගන්න බැරිවුනා..මට අඳුනා.මට තේරුනා මන් හොදටෝම අවුල් වෙලා කියලා.. මගේ හීන හැමදේම මැරෙනවා කියලා මට හොදටෝම දැනෙන්න පටන් ගත්තා..මහා පුදුමා කාර අසරණ කමක් දැනෙන්න ගත්තා..
අමාරුවෙන් හිත වාවාගෙන හැන්දෑවේ හයට විතර ගෙදරට අවේ.. එත් අපු ගමන් සිතිජට කතා කල..එයාට තේරුනා මන් ඉන්නේ හොදටෝම අවුල් වෙලා කියලා..මන් එයාට කියුව මට හරිම දුකයි මන් ගැන..මගේ ජිවිතේ හොදටෝම පාලු වෙලා. මට මන් ආදරය නොකරන කෙනෙක් එක්ක ජිවත් වෙන්න බැහැ කියලා ...මන් තව මොන මොනවදෝ හුගාක් දේවල් සිතිජට කියෙවූවා. එයා කිසිම කලබලයක් නොකර මන් කියපු හැමදේම අහන හිටියා..එය කියුවා අකමැති කෙනෙක්ව බැදලා ජීවිතේම දුක් විදින්න එපා..එයාටත් එතකොට හුගාක් දුකයි කියලා..මට මන් කැමති කෙනා ලැබේවි කියලත් කියුව..මට තවත් මේක දරාගෙන ඉන්න බැරි වුනා..මන් කියුවා මන් ඔයාට ආදරය කරනවා කියලා..සමහරවිට එදා එයාට හිතා ගන්න බැරි වෙන්න ඇති..එත් මට තවත් ඒක හිතේ තද කරන දුක් විදින්න පුළුවන් කමක් තිබුනේ නැහැ..මන් එයගෙන් උත්තරයක් බලාපොරොත්තුවෙන් කිඋවේ නැහැ..මට ඕන වුනේ මගේ හිතේ තියෙන දේ කියා ගන්න විතරමයි..ඒක එයාට කියුවට පස්සේ මගේ හිතට පුදුමාර සැහැල්ලුවක් දැනුනා..
එයා මට කියුව එයත් මට ආදරය කරනවා එත් එයාට මන් ගැන තීරණයක් ගන්න බැහැ කියලා..මන් හිතන්නේ එයා හිතන්න ඇති කවදාවත ආදරය කලාට මාව ලබාගන්න බැරි වෙයි කියලා..එයා හිටියේ දෙගිඩියාවෙන්..එයාට ජිවිතේ හදාගන්න තව අවුරුදු පහක් වත් යාවි කියලයි එයා කියුවේ..මොකද එයාගේ ලොකුම ආසාවක් තිබුනා..එයාගේ උපාදිය කරන්න පිටරට යන්න එයාගේ ඒ හිනත් එක්ක එයා හුගාක් හිතන්න ඇති දුක් විදින්න වෙයිදෝ කියලා..මට එයාගේ හිතේ ඒ වෙලාවේ තිබුණු දේවල් හරියටම කියන්න තේරෙන්නැහැ ..මන් හිතුව එහෙම වෙන්න ඇති කියලා..

මෙහෙම දවස් ගෙවෙද්දී අපි දෙවෙනි වතාවට මුණගැහුනා..එදා මන් ප්‍රදර්ශනයකට ඇවිත් හිටියා..එදා ඒක බලන්න එයා වගේම එයාගේ ලගම යාළුවො දෙන්නෙකුත් අවා..නිම්නත් එක්ක තවත් යාලුවෙක්..ඒ තමයි අපේ මල්ලි...අපි හතරදෙනා වෙනමම වාදී වෙලා හුගාක් සතුටින් කියව කියව හිටියේ..සිතිජ නිසා තමයි මට ජීවිතේට යාළුවො එකතු වෙන්න පටන් ගත්තේ..ගෙදරින් එහා ලෝකය මන් දකින්න පටන් ගත්තේ..ඒ ගැන මන් හුගාක් සතුටින් හිටියේ..මෙහෙම ඉද්දි අපේ යාළුවො දෙන්න හදිස්සියේම ටිකක් එලියට ගියා..ඒ අතරේ අපි දෙන්න තේ බොන්න ගත්ත..මන් ටිකක් වෙලා බලන් හිටිය සිතිජ තේ ඒක බොන දිහාව..මගේ හිත මට කෑගහල කිඋවේ සිතිජ තේ එකෙන් උගුරක් හරි බොන්න කියලා..මට තවත් බලාගෙන ඉන්න බැරි වුනා.මන් ඒක සැරේටම එයාගේ ඇහේ තිබුන තේ කෝප්පේ අරගෙන එයා බීපු තැනින්ම තේ ඒක බිවූවා ..එය ඇස් දෙකත් ලොකු කරගෙන පුදුමේ කතා කරගන්නවත් බැරුව මගේ දිහාවම බලන් හිටියා..
ඊට පස්සේ අපි හුගාක් අපි ගැන කතා කළා..නිම්නත් හුගාක් අපිට උදවු කළා..අපි ලගින්ම හිටියා..මල්ලිත් ඒ වගේමයි..මේ හැමදේම මේ විදියට සිද්ද වෙද්දී සිතිජගේ ගෙදර ඇතුලේ මහා පෙරලියක් වෙමින් තමයි තිබුනේ..සිතිජගේ අක්ක සිතිජ මගෙත් එක්ක කතා කරන එකට විරුද්දව ලොකු සටනක් පටන් අරගෙන තිබුනා.එයා මගේ යාලුවෙක් බවත් සිතිජ එයාගේ මස්සිනා බවත් ඒ වෙද්දී අමතක කරලා තමයි තිබුනේ..එයා හරියට සිතිජට කමබිමවත් හදලා දීල තිබුනේ නැහැ..එත් සිතිජ මට කිසිම වෙනසක් පෙන්නුවේ නැහැ .එයාගේ යාලුවොන්ට පවා අක්ක වෙනස් කම් කරන්න පටන් අරගෙන තිබුනා.එයා පුළුවන් තරම් සිතිජගේ ගෙදර අයට මාව එපා වෙන විදියේ දේවල් කියලා තිබුනා..මන් ගැන නරක විදියට ඒ අයට හිතන්න දේවල් එයා කියන්න පටන් අරන් තිබුනා.අපිඅව ඇත් කරන්න හුගාක් දේවල් එයා කළා..සිතිජ අන්තිමට හිතේ පුදුම දුකකින් තමයි හිටියේ..පෙන්නුවේනැති උනාට මට ඒක හොදටම දැනිලයි තිබුනේ..එයා හැමෝම ඉස්සරහ සිතිජට ලැජ්ජා කළා..
එත් එයාගේ හිත හොද වැඩි කමට එයා ඉවසුවා..අක්ක නපුරු කම් කරද්දී කරද්දී එයා ඒ හැමදේම හුගාක් ඉවසුව..නොදන්නා කමට කරන දේවල් කියලා..මට නම් කවදාවත් එහෙම කරන්න බැහැ..මගේම ගෙදර වෙන කෙනෙක් අපායක් කරද්දී මන් නම් හිතන්නෑ සිතිජ වගේ වෙන කාටවත් නම් ඉවසන්න පුළුවන් වේවි කියලා..ඒ වෙද්දී එයාගේ අම්මා, නෑදෑයෝ හැමෝම හිතන් හිටියේ මන් හරිම නරක කෙල්ලෙක් කියලා..
මෙහෙම කාලය ගෙවෙද්දී අපි දෙන්න හිතන්නෙවත් නැතුව හුගාක් ආදරෙන් හිටියේ..එත් අපිඅට ස්ථිර තීරණයක් තිබුනේ නැහැ අපි ගැන..මොකද මන් බයෙන් හිටියා මට සිතිජ ලගට එන්න බැරි උනොත් එයා හුගාක් තනි වේවි කියලා.ඒ බයට මන් කියුවා එයාට අපි අවුරුද්දක් මෙහෙම ඉදලා අපි ගැන තීරණයක් ගනිමු කියල..අය කියන්න මන් දන්නා එයත් කැමති උනා.අපි වෙනදා වගේම යාළුවො වගේ හිටියා..වෙනසකට තිබුනේ නම් ඒ වෙද්දී අපි මේ සම්බන්දයට ආදරය කියන නම එකතු කරලා තිබුනේ නැහැ...
අපි දෙන්නගෙම ගෙවල් වල ප්‍රශ්න තිබුනා..වැඩිපුරම එයාගේ ගෙදර ..මොකද එයාගේ ගෙදර නම් කණපිට පෙරලලා තමයි තිබුනේ එයාගේ නැණා ...
හරියටම දෙසැම්බර් තිස් එක්‌ වෙනිදා ලොකු සිද්දියකට මුල පිරුනා..එයාගේ අක්ක මන් ගැන එයත් එක්ක ප්‍රශ්නයක් ඇති කරගෙන තිබුනා..එයාගේ අක්ක කියලා තිබුනා මන් කවදාවත් මගේ ගෙදරට විරුද්ද වෙන්නෑ කියල ඒ නිසා අපිට කවදාවත් බදින්න වෙන්නෑ කියලත් එයා කියල තිබුනා....
සිතිජ කියලා තිබුනා එයාට සිතිජ බදින්නේ මාව විතරමයි මාව බදින්න බැරි වුනොත් එයා කවදාවත් බදින්නැහැ කියලා..අක්ක එයාට හිනා වෙලා තිබුනා..
එයා ඒ වෙලාවෙ මට ඒ විස්තරය කියද්දී මගේ හිතේ ලොකු බයක් ඇති වුනා දවසක මට එයා ලගට එන්න බැරි වුනොතින් එයා තනි වෙනවා නේද කියල..මොකද එයා කවදාවත් වචනයක් වෙනස් කරන විදියේ කෙනෙක් නෙවෙයි කියලා මන් හොදටම දැනගෙන හිටියා..එය කිඋවා මන් ගැන එයාට බයක් නැහැ..එයා හැමදේටම වඩා මගේ ආදරය විස්වාස කරනවා කියලා..මට ඒ වචන පුදුමාකාර විදියට දැනුනා..ඒ වගේම එයා කියුවා මොන විදියකින් හරි මාව නැති වුනොතින් එයා කවදාවත් වෙන කෙනෙක්ට ආදරය කරන්නැහැ කියලා ..අපි ගොඩාක් වෙලා කතා කළා..අන්තිමට දන්නෙම නැතුව දොළහත් උනා..අලුත් අවුරුද්දක ආරම්බයක්..දොළහ වෙද්දීම මන් එයාට කියුවා මන් ඔයාට හුගාක් ආදරෙයි කියලා..එයත් ඒ වගේම මට කියුවා මත ඔයාට ආදරෙයි කියලා..අවුරුද්ද පටන් ගත්ත එහෙමයි..ඒ වුනත් දවස ඉවර වෙන්න කලින් අපේ ජිවිතේ හැමදේම වෙනස් වුනා..

අද නෙවෙයි මන් අයෙත් ඇවිත් එතනින් එහාට ලියන්නම්....

ජිවිතේ වරද්දා ගනිපුතැනක්....

හැම කෙනෙක්ටම අතීත මතකයන් ගොඩාක් පොඩි බැදගෙන තමයි මේ ජිවන ගමන යන්න වෙන්නේ..එත් මගේ හිතින් ලොකු වරදක් වුනා කියල මගේ හිත මටම දොස් පවරනවා..ඒ නිසාමයි මන් හිතේ හිරවුන හැඟීමක් ලියන්න හිතුවේ..මගේ ජිවිතේ කෙනෙක්ට කලාතුරකින් ලැබෙන විදියේ ආදරවන්තයෙක් ඉන්නවා..එත් මන් ටික දවසකට එයාට ලොකු නපුරු කම් ගොඩාක් කළා..
මගේ ජිවිතේ තනි කැමැත්තට ගනිපු තීරණයක් තමයි මේ මගේ ආදරය.මගේ කියලා මට හිතපු හැමෝම මාව අතරල දාද්දීත් මන් එයාව අතෑරියේ වත් තනි කළේවත් නැහැ..අපි හුගාක් ප්‍රශ්න මැදත් හුගාක් ආදරෙන් හිටියා..එත් හිටපු ගමන් මගේ හිත නිතරෝම මට වද දෙන්න ගත්තා.මගේ ජිවිතේ හුගාක් දේවල් ගැන මන් තුලම කලකිරීමක් ඇති උනා..මට හිතෙන්න ගත්තා මන් මගේ දෙමවුපියන් ගැන හිතන්නැද්දෝ කියලා..මට දැනෙන්න ගත්තා මන් ගැන මහා අවතක්සේරුවක්..මන් හිතුවේ නැහැ මන් ආදරය කරන කෙනාට චූට්ටකටවත් වෙනස් කමක් කරන්න..එත් මන් හිතන්නතුව කරන හුගාක් දේවල් නිසා එයාගේ හිත රිදුනා..එත් එයා තනියම ඒ හැමදේම විදගත්තා මට වචනයක් වත් නොකියාම...හැමතිස්සෙම එයා ගැන හොයලා බලපු මන් එයා ගැන හරියට හෙවුවෙවත් නැහැ..
හැමෝටම ආදරේ ගැන කියවපු මන් මගේ මහත්තයට මේ සති දෙක පුරාවට හරියට ආදරෙයි කියලවත් කියන්න නැතුව ඇති..එත් අද මට තේරෙනවා...අපි දෙන්නම එකතු වෙලා අපිට අපිව ඕන නිසානේ මේ හැමදේම තීරණය කලේ..එහෙම තියෙද්දී මන් කොයි වෙලෙත් ඇස් දෙකට කදුළු පුරවාගෙන ඉදලා මන් මහත්තයාගේ හිත රිදවන එක හරිම වැරදි..එක අද මම හොදටෝම තේරුම් ගත්තා...මට හිතුනා මන් හරිම නරකයි කියල..මාව මලක් වගේ පරිස්සම් කරන මුළු ලෝකෙටම වඩා මට ආදරය කරන එයාගේ ජීවිතේ ගැනවත් නොහිතා මන් වෙනුවෙන් ජිවත් වෙන කෙනෙක්ට මන් එහෙම කරපු එක වැරදි නේද...
මන් අද මටම පොරොන්දු වුනා අයෙත් ජිවිතේ කවදාවත් මගේ රත්තරන් මහත්තයට දුකක් දෙන්නැහැ කියලා... අපේ අනාගතෙටවත් වර්තමානයටවත් අතීතය වැඩක්ම නැහැ කියන දේ මන් අද වෙද්දී අත්දැකීමෙන්ම තේරුම් අරන් ඉන්නේ...ඒ නිසා මන් හිතන්නේ අපේ සතුට හැමදාමත් අපි එක්කම තියේවි...

සුදු මැණිකේ..

Tuesday, March 8, 2011



03.පාඩම.Timeline Panel එක හදුනාගැනීම
අපි මුලින්ම මේ Timeline Panel එක කියන්නේ මොකක්ද කියල දැනගමු.අපි Project Panel එකට Video එකක් Import කරගෙන ඒ Video එක Comp Icon එක උඩට අතැරියට පස්සේ

අපේ Timeline Panel එකේ Video එක අනිවාර්යෙන් පෙන්නන්න ඕන,ඒවගේම Project Panel එකේ ඒ Video එකට අදාලව Composition එකක් හදාගන්න ඕන,දෙවැනි රූපේ බලන්න එකේ තියෙනවා Video එකට අදාලව Composition එකක් හැදිලා හරිනේද එහෙනම්,නැත්තම් ඔයාල හරියට Video එක Comp Icon එකට අතෑරල නෑ.ඒකනිසා ඔයාල Video එක හරියට දැම්ම නම් Timeline එකේ පෙන්නන්න ඕන.අපි බලමු කොහොමද කියල.
ඔය තියෙන්නේ Comp 3 Mov කියල ඇවිල්ල,එහෙනම් හරිනේද වැඩේ.
අපි ඊළගට ටිකක් කතා කරමු මේගැන After Effects කියන්නේ Layers වල වැඩ කරන Softwear එකක් එක නිසා අපි Timeline එකේ ගොඩක් පහලට පහලට Layers දාලා තමයි Editing කරන්නේ ඒවගේම ඔයාල ගත්ත Video ඒක Timeline එකේ වගේම Compositon එකෙත් පෙන්නනවා Composition එකෙන් බලාගෙන තමයි අපි Edit කිරීම් කරන්නේ එකත් මතක තියාගන්න ,video එකක් Timeline එකේ තියෙද්දී අපිට හදුනාගන්න ගොඩක් දේවල් තියෙනවා ඒවා මෙහෙම බලමු අපි.
Video එහෙකට අදාලව තියෙනවා ගොඩක් දේවල්,1 න් පෙන්නලා තියෙන පහලට අරින්න තියෙන ඊතලේ ඇරියම ඔයාලට හම්බවෙනවා Thansform කියල කොටසක් එකෙත් තියෙන ඊතලේ පහලට කලාම තියෙනවා Video එකට අදාල දේවල් ටිකක් අපි ඒටික මෙහෙම බලමු.එකටම තියෙන්නේ Anchor Point කියල නේද ඒකියන්නේ මෙන්න මේකට. ඔය රතුපාටින් රවුම් කරලා තියෙන Icon එක තමයි Anchor Point එක කියන්නේ ඒක වෙනස් කරන්න තමයි Timeline Panel එකේ Video එකට අදාලව Anchor Point කියල තියෙන්නේ.ඔයාල ඒක වෙනස් කරලා බලල කියයි ඒක වෙනස් වෙන්න කියල.එකෙන් වෙන්නදේ තමයි Video ඒක හරවන්න ඕන උනාම ඕක තමයි මද්‍ය ලක්ෂය වෙන්නේ.හරිද තේරුනාද නැත්තම් අපහු අහන්න හරිද.
Timeline එකේ Video ඒක යටතේ Thansform වල 2 වැනියට තියෙන්නේ Position කියන ඒක එකෙන් වෙන්නේ අපිට Video ඒක X,Y කියන අක්ෂවලට ගෙනියන්න පුළුවන් වීම.එකත් Anchor Point එකවගේම තමයි එත් ඒක වෙනස් කරනකොට Anchor Point එකත් එක්ක නේද ගමන් කරන්නේ නේද හොදට බලන්න,ඒකතමයි ඒ දෙකේ වෙනස.
3 වෙනියට තියෙන්නේ Scale කියන ඒක එකෙන් වෙන්නේ Video ඒක ලොකු පොඩිවිම.කරලම බලන්න තේරෙයි ඔයාලට,ඊලගට තියෙන්නේ Rotation එකෙන් වෙන්නේ Video ඒක කරකැවීම.ඊලගට තියෙන්නේ Opacity කියන ඒක එකෙන් වෙන්නේ Video ඒක Composition එකේ පෙන්න ඕන ගාන ඒකියන්නේ පෙනීම හා නොපෙනීම කියන ඒක.ඒක අඩුකලම නොපෙනේන්නත් වැඩිකලම පේන්නත් කියන ඒකත් කරලා බලන්න.බැරි උනොත් මට කියන්න.එහෙනම් මං ගියා පස්සේ අපහු ලියන්නම්,ඔයාලගේ කැමැතමත තමයි සේරම වෙන්නේ............

Monday, March 7, 2011

02.පාඩම.කොටස් හදුනාගැනීම
1.Project Panel

Project Panel 1 යටතේ අපි ඔයටිකගැන කතා කරමු
1).Comp එක ඔයාලට Video එකක් හදාගන්න ඕනනම් ඔයාල මුලින්ම Video එකක් After Effects වලට ගන්න ඕන නැත්තම් ඔයාල After වල ඇතුළෙන්ම Comp එකක් හදාගන්න ඕන.Video එකක් ගන්න ඕනනම් ඔයාල(Ctrl +i) මගින්හරි,Project Panel එකේ ඩබල් ක්ලික් කරලහරි ඔයාලගේ Video තියෙන තැනකින් Video එකක් තෝරලා Open කරන්න එතකොට Video එක Project Panel එකේ පෙන්නාවි.නැත්තම් File ගිහින් Import තුලින් File යන්න ක්ලික් කිරීමෙන්ද ඔයාලට videos After තුලට Import කරගන්න පුළුවන්.
2).ඔය icon එකෙන් පෙන්නන්නේ Delete කියන එක,ඔයාල Import කරගත්ත File,After වලින් හදාගත්හ File Delete කරන්නේ ඔය Icon එකන් පෙන්නන බටින් එකෙන්.
3).ඔය Icon එකෙන් පෙන්නන්නේ අපි After Effects වලදී පාවිච්චි කරන Color Channel එක,අපි After වලදී Color Channel 3ක් Use කරනවා
1. 8bits Per Channel

2.16bits Per Channel
3.32bits Per Channel අපිට Color Channel එක මාරු කරගන්න ඕනනම් Alt එකත් එක්ක Icon එක මත ක්ලික් කරන්න.
4).ඔය Icon එක තමයි Comp Icon එක,එකෙන් වෙන්නේ ඔයාල Video එකක් After වලට ගත්තට පස්සේ එක Edit කරන්නනම් ඒ Video එක Composition කියන Panel එකට දාගන්න ඕන.එකට දාගන්න තමයි ඔය icon එක තියෙන්නේ,ඔයාල Project Panel එකට ගත්ත VIdeo එක උස්සගෙන ඇවිත් ඔය icon එක උඩට අතාරින්න ඕන.ඊට පස්සේ මොකද වෙන්නේ කියල බලන්නකෝ.
5).Project Panel එකේ Folder හදාගන්න තමයි ඔය icon එක තියෙන්නේ ඕක ඔබලම බලන්නකෝ එතකොට තේරෙයි ඔයාලට
6).ඔන්න වැදගත්ම තැනට තමයි අපි ඇවිත් ඉන්නේ.ඔයාල ගත්ත VIdeo එක Comp Icon එක උඩට දැම්මට පස්සේ Project Panel එකේ හැදෙනවා ඔයාලගේ VIdeo එක නමින් Comp එකක් ඒ Video එකට අදාල විස්තර ටික තමයි ඒ තීරුවෙන් පෙන්නන්නේ.VIdeo එකේ Width එක Height එක.VIdeo එකේ දුවන Frame Rate එක වගේ දේවල් ගොඩක් බලාගන්න පුළුවන් එතනින්.අපි දැන් 6වෙනි කොටස ගැන ටිකක් විස්තර ඇතුව දැනගමු නේද.එක්කෝ පස්සේ කතා කරමු මට යකෙක් කන්න බඩගිනියි දැන් ඒකයි

6 වෙනි කොටසේ වැදගත්ම කොටස තමයි ඔය පෙන්නේ ඔයටික හරියට අදුරගත්තේ නැත්තම් ඉස්සරහට මාර අවුලක් තමයි වෙන්නේ ඒකනිසා හරියට බලාගන්න මේටික හොදේ.එකෙන් එක හීමිට බලමු අපි නේද
1).1280-720 කියන්නේ ඔයාල Import කරගත්ත Video එකේ Width එකයි Height එකයි.එක ඔයාල ගන්න Video එක අනුව වෙනස් වෙනවා.අපි Video වර්ග ගොඩක් බාවිත කරනවා ඒවා තමයි,NTSC,PAL,HDTV වගේ ඒවා.ඒටික ගැන අපි පස්සේ කතා කරමු.
2).0:00:10:00 අපි මේ ගැන හරියට බලමු.දකුණෙන් පටන්ගත්තාම පළවෙනි 00 තමයි Frame.අපි 3ds max ,Maya,වගේ Softwear වලින් Finel out එක ගන්නේ මේ Frame ගණන්වලින් (Frame 100,200 වගේ),එහෙම ගත්තම තමයි Frame එන්නේ.ඊලගට 10 පෙන්නන්නේ තත්පර,ඊලග 00 පෙන්නන්නේ විනාඩි,ඊලග 0 පෙන්නන්නේ පැය කියන එක.
3).ඕකෙන් පෙන්නන්නේ Frame Rate එක.අපි ගන්න ඕනෑම Video එකකට තියෙනවා Frame Rate එකක්.ඒවා Video වර්ගය අනුව වෙනස් NTSC වල තියෙන Frame Rate එක නෙවෙයි Pal වල තියෙන්නේ ඒවා එකට එකක් වෙනස්.ඔයාල හදන Video එක අනුව මේ Frame Rate එක වෙනස් කියල මතක තියාගන්න.මොන Video එක ගත්තත් අන්තිමට Video එක Edit කරලා අන්තිමට Out කරනකොට ඒ Video එකේ මුලින් තිබ්බ Frame Rate එකෙන්ම Out කරන්න මතක තියාගන්න.කටත් Video Edit කරද්දී මතුවෙන ප්‍රශ්නයක් තමයි ඕක.
4).ඕකෙන් කියවෙන්නේ Pixel Aspect Ratio එක කියන එක,ඕකත් Video වර්ගය අනුව වෙනස් වෙනවා.ඕකත් ගොඩක් වැදගත් කාරණයක්.ඔයටික හොදට මතක තියාගන්න ඉස්සරහට වැඩක් කරද්දී මතුවෙයි.එහෙනම් ඊලග ටික පස්සේ කතා කරමු හොදේ.

සුන්දරම ලස්සනම දවසක් ගෙවුනා...



අද අහම්බෙන් උනත් මට මගේ ආදරවන්තයව බොහොම නිදහසේ නිස්කලංකව මුණගැහෙන්න අවස්ථාවක් උදා උනා.ඉස්සෙල්ලම එයාව අදුන්වලා දෙන්නම්කො....මගේ ආදරවන්තයා තමයි චානක.. කියන්නේ ............මට මගේ ගෙදරින් එළියේ ලෝකය දකින්න ලැබෙන අවස්ථා හරිම විරලයි...ඉතින් එහෙම අවස්ථාවක් උදා උන මගේ ජිවිතයට...ඇත්තටම අහම්බෙන් උනත් ලස්සන දවසක්..කොහොමද දන්නවද එක උනේ..මට හදිස්සියේම town එකට යන්න අවස්ථාවක් ලැබුනා.ඉතින් මන් මගේ අදරවන්තයට කතාකරල කියුව එයාටත් මාව දකින්න එන්න කියල...ඉතින් ඉස්සෙල්ලාම town එකට ගියපු මම මගේ වැඩ ටික ඉක්මනින් ඉවර කරගත්ත..ඒ වෙනකොට මගේ චානක ඇවිත් තමයි තිබුනේ..එයා ඇවිත් තිබුනේ නම් තනියම නෙවෙයි..එය ඇවිත් තිබුනේ අපි දෙන්නගෙම හදවතට වඩාත්ම සමීප අපි දෙන්නටම හුගාක් ආදරය කරන අපේ හොදම යාලුවත් එක්ක..ඇත්තටම කියනවනම් අපේ කපු මහත්තයත් එක්ක තමයි එයා ඇවිත් තිබුනේ...එයා තමයි අපේ සමීන්....

ඉතින් ඔන්න අපි තුන්දෙනත් එක්කම පාරේ දිගේ ඇවිදන් ගියා මුදු වෙරළට යන්න කියලා..වැඩි දුරක් යන්න උනේ නැහැ..තවත් අපිට ගොඩාක් ආදරය කරන අම්මෙකුයි දුවෙකුයි අපට මුණගැහුනා...මේ තමයි අපේ යාළුවො කට්ටියගේ හුරතල්ම කෙල්ල...ඒ අම්මත් අපිට හුගාක් සමීප කෙනෙක්...අම්ම කෙනෙක්ට වඩා යාලුවෙක් තරමට අපිට ආදරය කරන කෙනෙක්..ඉතින් අපි කට්ටියම ඇවිදගෙන මුදු වෙරළට ගියා..මුදු වෙරල දැක්ක ගමන් මට නම් සිහියක් තිබුනෙම නැහැ..මොකද මට මෙහෙම අවස්ථාවක් ලැබෙන්නෙම නැහැනේ...මට චානක අමතක උනානේ..ආහ් අමතක උනාමත් නෙවෙයි...මන් එයාවත් දාලා අර නංගියත් එක්ක මුදු වෙරළේ රල මැද්දෙන් හුගාක් දුර දුවගෙන ගියා..හිතට පුදුම තරම් සතුටක් දැනුනා.ඇත්තටම කියනවනම් අතේ ඇගිලි ගානටත් වඩා අඩු වාර ගානක් තමයි මන් මේ වගේ අවස්ථා ජිවිතේ විදලා තියෙන්නේ..මට දැනුනේ හරියට මට පියාබන්න තටු ලැබිලා වගේ..පුදුම සැහැල්ලුවක් මුදු හුලග මට ගෙනාවා..රල පාරත් එක්ක මගේ හිතේ තිබූන හැම දුකක්ම ඇතට ඇදිල ගියා වගේ සැහැල්ලුවක් මට දැනුනා..එත් ටිකක් වෙලා යද්දී ඔන්න අපිත් එක්ක ගියපු අපේ කපු මහත්තයා ඇවිත් බැන්නා මට හොදටෝම...මන් චානක අමතක කරලා එයාව තනියම දාල හුගාක් දුර දුවල..එය මන් දිහා ඇත ඉදන් හුගාක් දුක්බර බැල්මක් හෙලාගෙන ඉන්නවා මන් දැක්ක...අයෙමත් ඇවිදගෙන මන් චානක ලගට ඇවිත් එයාගේ අතේ එල්ලුන..හරියට සමාව ගන්න වගේ.... එයාගේ මුණ පුරාවට ලස්සන හිනාවක් ඇදුනා.බලන්න අසයි ඒ හිනාව...

මන් හිතන්නේ එතකොට එයාගේ හිතේ දුක යන්න ඇති.. චානක කියන්නේ කවදාවත් මට සැර කරන්නේවත් නැති කෙනෙක්..එයාගේ ආදරේ පුදුමාකාර ආදරයක්..වෙලාවකට මට විදගන්න බැරිතරම් විශාලයි..මන් අතින් හුගාක් වෙලාවට නොහිතාම කරන වැඩ වලින් එයාගේ හිත හුගාක් රිදෙනවා...එත් එයා කවදාවත් හිත රිදුනා කියලවත් මට කියන්නෑ..... මොකද ඊට පස්සේ මගේ හිත එකට රිදේවි කියල...මම හිතන්නේ නැහැ ලේසියෙන් කෙනෙක්ට මේ වගේ ආදරයක් නම් ලැබෙව්යි කියල...ඒ අතින් නම් මන් පුදුම තරම් වාසනාවන්තයි...

ඉතින් අපි හුගාක් වෙලා මුදු රලත් එක්ක හරි හරියට සෙල්ලම් කළා..හරියට පුංචි එවුන් වගේ...ආහ් කියන්න අමතක වුනානේ..පස්සේ අපේ ගමනට තවත් කෙනෙක් එකතු උනානේ..ඒ අපේ යාලුවන්ගෙන් ඉන්න මල්ලියා...මන් එයාව අදුන්වල දෙන්නම් මෙන්න මෙහෙම..අපේ කට්ටියගෙන් හොදටෝම හිතුවක්කාරය මෙන්න මෙයා තමයි...අපි කට්ටියම පුදුම සතුටින් හිටියේ.ඔයාලා දන්නැනේ මගේ චානකටනම් තියෙන්නේ පුදුම ෆෝටො පිස්සුවක් තමයි... එයාට කොහේ ගියත් මගේ ෆොටෝ ගන්න ඕන..අයියෝ වෙලාවකට මන් මුණ දෙක කරන ඉන්න තරම්...ඉතින් එයා නම් ඇති වෙනකම් මතකයන් ගොඩකුත් එකතු කරගත්ත..ඊට පස්සේ ..මායි චානකයි ටිකක් දුර ඇවිදගෙන ගියා....චානකගේ අත් දෙකට මැදි වෙලා ඉද්දි මට දැනුනේ හරියට මුළු ලෝකයම මගේ වගේ...එයාගේ අත් මගේ කර වටේට තියෙද්දී මට කිසිම දේකට බයක් දැනෙන්නේ නැහැ...එයාගේ අත් මගේ ඉන වටේට තියෙද්දී මට හිතෙනවා මේ ලෝකේ ලස්සනම කෙල්ල මන් කියලා...මේ ලෝකේ වාසනාවන්තම කෙල්ල මන් කියලා...

එක හරිම අමුතු හැඟීමක්...අපි හවස පහමාර විතර වෙනකම් මුදු වෙරල පුරා ඇවිද්ද...අන්තිමට අපිට කුඩු වලට යන කුරුල්ලන්ගේ කිචි බිචියත් ඇහෙන්න පටන් ගත්තා.උනුත් අපි වගේම ගොඩාක් දුර ඉගිල්ලිලා හැන්ද කළුවර වැටෙද්දී ලහි ලහියට තමන්ගේ ගෙවල් බලා ඉගිල්ලිලා යනවා...මොනවා කරන්නද...කොයිතරම් සතුට ගෙනාපු කාලයක් වුනත් තවමත් අපිට එකට කූඩු වෙන්න පින් නැති හින්ද තවමත් අපිට රාත්‍රියේ හෙවනේලි වැටෙන්න පටන් ගනිද්දිම වෙන් වෙලා යන්න සිද්ද වෙනවනේ...සතුට වගේම දරාගන්න බැරි දුකකුත් ඒ වෙලාවෙනම් හිතට මහා හුගාක් දැනුනා..තදින්ම අල්ලන් හිටපු දෙයක් අතාරින්න වෙනවා වගේ...එත් කොයිතරම් දුක උනත් මොනවා කියලා නම් කරන්නද..අපි හැමෝම වෙන්වෙලා යන්න තීරණය කරා....ආදරෙන් හැමෝටම සමුදීලා අපි එන්න පිටත් වුනා.

මගේ චානකයි අපේ කපු මහත්තයයි දෙන්න නම් මාව ගෙදර කිට්ටුවටම ගෙනත් ඇරලවල තමයි ආපහු යන්න ගියේ...මට ලොකු සතුටකුත් එක්කම මොකක්දෝ ලොකු දුකකුත් හිතේ හිර කරගෙන ගෙදර දිහාවට ඇදුනා...ඔන්න ඔහොම තමයි කාලෙකින් ලැබුන ලස්සන දවස නිමා උනේ...
එහෙනම් ඔන්න මන් ගියා...අයෙත් හමු වෙමු............


සචී

Sunday, March 6, 2011

නුබ හදවතට එබුන දා...


අද මන් කියන්න යන්නේ මගේ අදර කතාවේ ඉතුරු ටික...මෙන්න මෙහෙමයි මේ කතාව පටන් ගන්නේ..මතකද අන්තිමට මන් කිව සුදු අක්ක කෙනෙක් මගේ skype name 1 ඉල්ලගත්ත කියල..ටික දවසක් යනකම් එයාගෙන් සද්දයක් නැහැ කියලත් කියුව..ඔන්න ඉතින් අද එතන ඉදන්..සතියකට පස්සේ මෙන්න ආව මට skype req 1ක්..මට මතක තිබුන මේ name 1 අර අක්කිගෙ තමයි කියල වෙලාවට...ඉතින් මන් එයාව add කරගෙන බලන් හිටිය දවසක එය චැට් කරනකම්..ඉතින් දවස් දකකින් විතර තමයි ඔන්න මෙය මට ඉස්සෙල්ලම චැට් එකේදී හමු වුනේ..ඉතින් එදා ඉදල දවස් දෙක තුනක් මේ අක්කිත් මාත් එක්ක චැට් කළා..
ඉතින් මෙහෙම ඉද්දි තමයි අමුතුම සිද්දියක් වෙන්නේ..දවසක් මේ අක්කි on line ඉන්නවා දැකල මන් hi කියුවනේ... මෙන්න ඉතින් එහා පැත්තෙනුත් මට කියනවා hi මම අක්කි නෙවයි අක්කිගෙ මල්ලි කියල...ඉතින් දෙයියනේ මන් දන්නේ කොහොමද අක්කිගෙ මල්ලිත් චැට් කරන්නේ මේ account එකෙන් කියල..මම ඉතින් ඩිම් වෙලා ගියා...පස්සේ තමා කලපනාවට අවේ මේ කියන්නේ එයාගේ මහත්තයාගේ මල්ලි වෙන්න ඕන කියලා..ඔන්න ඉතින් එහෙම තමයි මම එයාව අදුනගන්නේ..මේ අක්කි මට දීල තිබුනේ එයාගේ මල්ලිගේ skype name එක තමයි..මන් දන්නවය ඕව..ඉතින් එහෙම අදුන ගත්ත අපි ටිකක් ටිකක් හිතවත් වෙන්න පටන් ගත්ත..දවසින් දවස චැට් කල..අපි අපේ හැමදේම බෙදා ගන්න පුරුදු උනා..ඒ වෙද්දී මම එයාගේ කටහඩවත් අහල තිබුනේ නැහැ..අපි හැමදාම හවසට චැට් එකේදී හමුඋනා..
අන්තිමට එක පුරුද්දක් වුනා..සමහර දවසට එය රැට වැඩ කරද්දී මන් එයාගේ තනියට ගොඩාක් රැවෙනකම් ඉන්න පුරුදු උන.. අපි චැට් එකෙන් ගොඩක් හිතවත් උනා...අපි අපේ දුක සැප බෙදා ගත්ත...මම එයත් එක්ක මගේ ප්‍රශ්න හැමදේම කියන්න පුරුදු උන..ගොඩාක් දවස් යනකම් අපිට කතා කරන්න පුළුවන් උනේ නැහැ..ඒ වෙද්දී එයට උන හිත තැවුලක් නිසා එය mobile phone එකක් පාවිච්චි කරන එකත් අතැරලා හිටියේ..ඒ නිසා අපිට කතා කරන්න උනෙත් නැහැ..මෙහෙම මාසයකට කිට්ටු වෙන්න අපි චැට් එකේදී හමු වෙලා දුක සැප බෙදා ගත්තා..මෙහෙම යද්දී එය මට කියුව ඉක්මනට එයා අයෙත් mobile phone එකක් ගන්නවා කියලා..මටත් හරිම සතුටු හිතුනා මොකද ඉතින් මේ තරම් දවසක් කතා කලාට මන් එයාගේ කටහඩවත් අහල නැහැනේ..මමත් අසාවෙන් තමයි හිටියේ එයාගේ කටහඩ අහන්න ...අදහස් වලින් නම් අපි ගොඩාක් කිට්ටුයි කියල මට දැනුනා එයා එක්ක චැට් කරද්දී..එත් ඉතින් හිතන්න වෙනවනේ නිකම්ම නිකම් චැට් එකකින් කෙනෙක්ව අදුනගනිද්දී ..අද කාලේ හැටියට...මට ඉතින් ඕව නොහිතුනාමත් නෙවෙයි.. ..
කොහොමින් කොහොම හරි දවසක් වුනා මාර වැඩක්..මන් කියුවනේ කලින්ම අපි රැවෙනකම් චැට් කරනවා කියලා..දවසක් ඔන්න අපි මහා රැ දෙක විතර වෙනකම් චැට් කල.එය මට එවූවා ලස්සන සින්දුවක්... මහරැ දොළහට විතර තමයි එයා මට එක එවුවේ..එක හරිම පුදුම තරම් දැනුන හදවතට..හරිම ලස්සන හුගාක් හදවතට දැනුන සින්දුවක්...මම ලියන්නම් ඒ සින්දුවේ පද වැල ඔයාලටත් කියවන්න.. ..හදවතට හුගාක් දැනේවි...ආකාස කුසුම් ෆිල්ම් එකේ සින්දුවක්.

මා නුවන් පුරා නිල් අහස වසා..
මා ලවන් පුරා මල් සුවද සරා...
මල් හීන වැසි වැටෙනා විල් තෙරේ.....
උණ පදුරු සෙවනේ...
රෝස මල් සිප ඇදෙන පෙම් සුවදේ...
ආකාස කුසුම් යහනාවේ...
මට දැනෙනවා ආදරේ...
මට හැඟෙනවා ආදරේ...

නිල අහස තරම් ආදරේ අරන්..
ඔබේ නිල් ඇස් දෙකේ හංගල...
ඇසිපිය නොසලන් සිප ගන්න හෙමින්...
සද වතුර සද දිගේ ගලනවා..
මට ආදරේ හැගෙනවා....

මල් සුවද තරම් ආදරේ අරන්..
මගේ සිත ලග නතර වෙලා...
පෙම් බඹර තුඩින් මුව රද සැලෙමින්..
විල් තෙරේ මල් සුවද ගලනවා...
මට ආදරේ දැනෙනවා.....
මට ආදරේ දැනෙනවා...


මේ සින්දුව මට පුදුම තරම් හදවතට දැනුනා... ඉතින් ඊට පස්සේ ටිකක් වෙලා අපි චැට් කරද්දී
හදිස්සියේම එයාගේ connection එකට signel නැති වෙලා චැට් එක අතරමගදී නවත්තන්න වුන..ඉතින් අපි එදා කතා කලේ අපි ගැන...හදිස්සියේම කතාව නවත්තන්න වුන අපිට..ඒ වෙනකොට රැ දෙකත් පහු වෙලයි තිබුනේ..ඇත්තටම ඒ කාලේ මට නිදිමරණ පුරුද්දක් තිබුනෙම නැහැ..හැබැයි ඉතින් මේ අමුතු හැගීමත් එක්ක මටත් හොරෙන් නිදි මත නම් ඉගිල්ලිලා තිබුනේ..පලවෙනි දවස් වල නම් නිදි කිර කිර තමයි චැට් කලේ..ඉතින් මම ටිකක් වෙලා බලන් හිටියේ..ඒ වෙලාවේ නම් හිතට පුදුමාකාර නොඉවසිල්ලක් තමයි දැනුනේ..එත් කරන්න දෙයක් තිබුනෙම නැහැ..ටිකක් වෙලා පිස්සුවෙන් වගේ හිත හිත ඉද්දි...අර වෙලාවේ මගේ ෆෝන් එකට දන්නෙනැති අංකයකින් call එකක් අවා..
කවුද කියල හිත ගන්න නම් බැරි උනා...එත් හිතේ සැකයක් තිබුන මේ එයාද කියල...ඉතින් කෝකටත් කියල අරන් බැලුව..ගත්ත ගමන් මෙන්න කොල්ලෙක් hello කියුව... එය ඉස්සෙල්ලම කියුවේ මොනවද දන්නවද? එය ගනිපු ගමන් මට කියුව" සචී , මන් සිතිජ (අපි එයාගේ නම සිතිජ කියල හිතමු එත් එයාගේ නම එක නෙවේ එක එය අසම නම ඒ වගේම මගෙත් අසම නම )" කියලා...ඊට පස්සේ එය ඇහුව මගෙන් " කොහොමද කොහොමද " කියල එයා කියවගෙන ගියා..මට නම් හිතාගන්නවත් බැරි උනා..
දන්නවද මන් ජිවිතේ අහපු මගේ හදවතට වඩාත්ම දැනුන කටහඩ තමයි මට ඒ ඇහුනේ..මට හරිම අමුතුවට දැනුනා..පපුව හිරි වැටිලා ගියා ඒ කටහඩ අහපු පළවෙනිම මොහොතේ..එක වචනයෙන් විස්තර කරන්න බැරි පුදුමාකාර හැඟීමක්...එයාගේ කටහඩ ටිකක් බර කටහඩක්...හරිම ගැඹුරු බවක් ඒ කටහඩේ ගැබ් වෙලා තිබුනා..හිතන්න මහා රැ දෙකට විතර කවදාවත් කතා කරලා නැති කොල්ලෙකුයි කෙල්ලෙකුයි කතා කරද්දී පලවෙනි වතාවට කතා කරනකොට කොහොමද කියලා..ඉතින් ඔයාලට කියන්න විශේෂම දෙයක් උනානේ එදත්..එදා තමයි අපිට පලවෙනි බාල්දිය පෙරලුනේ...පලවෙනි දවසෙම පලවෙනි අවුල .ඔයාලට මතක ඇතිනේ මන් කියපු අර සුදු කෙල්ල සිතිජ ගේ නැණා .. එදා එයාගේ b' day
එක තිබුනේ හරියටම එදාමයි..සිතිජ මේ හදිස්සියේම මට කෝල් කරලා තිබුනේ එයාගේ ෆෝන් එකෙන් තමයි..ඉතින් එයත් ඇහැරගෙන ආවනේ..
සිතිජත් ඉතින් පැනපු ගමන් යාලුවෙක් ඉන්නවා කියල එයාට දුන්නේ නැත ෆෝන් එක.. මන් බැලුව මොකද මේ වුනේ කියලා..
ඉතින් ඔන්න මෙය මට හෙලෝ නම් කියුව..මාත් ඉතින් හෙලෝ කියලා උපන්දිනේට සුබ පැතුවා විතරයි මෙන්න මෙයා මගෙන් අහනවා
"මොකක්ද කරන්නේ මේ මහා රැ ඇහැරගෙන ඇයි නින්ද යන්නේ නැද්ද??????"
කියල ඇහුවේ නැත පැන්න ගමන් අම්මෝ මන් හොදටෝම බය වුනා... මට චූට්ටක් ගොතත් ගැහුනා..මන් ඊට පස්සේ චූටි උත්තරයක් දුන්නා..
" නැ අක්කේ මේ නින්ද ගියේ නැහැ එකයි මේ චැට් කලේ..."
" මගේ උපන්දිනේට විෂ් කරන්න ඇහැරන් හිටිය නෙවෙයිනේ " කියල මට ටිකක් තරහෙන් කියුව ...
මාත් ටිකක් බය වුනා..නිකන් අර ලස්සන හැගීම් ටික එහෙම පිටින්ම නැති වෙලා ගියා වගේ දැනුනා..ඇත්තටම කියනවනම් මන් ඒ දවස්වල මහා බයගුල්ලියෙක්...ඉතින් ඔන්න එහෙම වෙලා අපි දෙන්නගේ කතාවත් එදා එතනින් නතර වුනානේ..ඊට පස්සෙත් දවසක් දෙකක් ගෙවිල ගියා චැට් එකෙන් විතරක් අපි කතා කර කර..එහෙම ඉදල සිතිජ ඉක්මනින්ම ෆෝන් එකත් ගත්ත..ඔන්න ඉතින් දෙන්නත් එක්ක නිතරම කතා කරන්න පටන් ගත්ත..එය හැමදාමත් ලෙක්චර් යන්න කලින් මට කෝල් කරන්න පුරුදු වුන...හැමදාම උදේට මන් ඉන්නේ එයාගේ කෝල් එක බලාගෙන එය උදේට ගූඩ් මොර්නින්ග් කියනකම් දවස පටන් ගන්නේ නැහැ වගේ...මන් එකට පුරුදු උනා.මගේ පාලු ජීවිතේට එය අලුත් වෙනසක් ගෙනාව..අපි හුගාක් දේවල් ගැන කතා කර..හුගාක් වෙලාවට අපිට තිබුනේ හුගක් සමාන අදහස්..අපි හුගාක් වෙලාවට එකම විදියට තමයි හිතන්න පුරුදු වෙලා තිබුන දෙන්නෙක් නිසා හරිම පහසුවෙන් අපි කතා කළා......
අපි දවසින් දවස් හොදම යාළුවො උනා.එත් අපි කවදාවත් මුණ ගැහිලා තිබුනේ නැහැ..මුණු පොතෙන් විතරක් අපි අපේ ෆෝටෝ නම් දැකල තිබුනා...එයාට තිබුනා හරිම ලස්සන ගණ ඇහිබැමක්..මන් එයාගේ පෙනුමට හුගාක් අස කලා ..එයාට තිබුනේ හරිම වෙනස් පෙනුමක්..මට ඉස්සෙල්ලම එයාගේ ෆොටෝදැකපු දවසෙත් හරිම වෙනස් හැගීමක් තමයි දැනෙන්න ගත්තේ..එයාගේ කටහඩත් මට පුදුම හුරු පුරුදු බවක් තිබුනා..මේ හැමදේම හදවත හරිම අමුතු හැගීම් ගොඩාක් මට එකත් කරලා තිබුනේ..එත් මේ හැගීම් ගොඩ ගැන හරි අවබෝදයක් තිබුනේ නැහැ...
අපි මේ අත්දැකීම් සුන්දරව විදිද්දී සිතිජගේ ගෙදර ඇතුලේ ලොකු ප්‍රශ්නයකට මුල පුරලා තමයි තිබුනේ...

මට දැන් අදට ලියන එක නවත්තන්න ඕනා...ඔයාලට ටිකක් මන් වෙනුවෙන් බලන් ඉන්න වෙනවා..මන් ආයෙත් ඉක්මනින්ම ඇවිත් ඔයාලට මේ කතාව කියන්නම්...