Sunday, March 6, 2011

නුබ හදවතට එබුන දා...


අද මන් කියන්න යන්නේ මගේ අදර කතාවේ ඉතුරු ටික...මෙන්න මෙහෙමයි මේ කතාව පටන් ගන්නේ..මතකද අන්තිමට මන් කිව සුදු අක්ක කෙනෙක් මගේ skype name 1 ඉල්ලගත්ත කියල..ටික දවසක් යනකම් එයාගෙන් සද්දයක් නැහැ කියලත් කියුව..ඔන්න ඉතින් අද එතන ඉදන්..සතියකට පස්සේ මෙන්න ආව මට skype req 1ක්..මට මතක තිබුන මේ name 1 අර අක්කිගෙ තමයි කියල වෙලාවට...ඉතින් මන් එයාව add කරගෙන බලන් හිටිය දවසක එය චැට් කරනකම්..ඉතින් දවස් දකකින් විතර තමයි ඔන්න මෙය මට ඉස්සෙල්ලම චැට් එකේදී හමු වුනේ..ඉතින් එදා ඉදල දවස් දෙක තුනක් මේ අක්කිත් මාත් එක්ක චැට් කළා..
ඉතින් මෙහෙම ඉද්දි තමයි අමුතුම සිද්දියක් වෙන්නේ..දවසක් මේ අක්කි on line ඉන්නවා දැකල මන් hi කියුවනේ... මෙන්න ඉතින් එහා පැත්තෙනුත් මට කියනවා hi මම අක්කි නෙවයි අක්කිගෙ මල්ලි කියල...ඉතින් දෙයියනේ මන් දන්නේ කොහොමද අක්කිගෙ මල්ලිත් චැට් කරන්නේ මේ account එකෙන් කියල..මම ඉතින් ඩිම් වෙලා ගියා...පස්සේ තමා කලපනාවට අවේ මේ කියන්නේ එයාගේ මහත්තයාගේ මල්ලි වෙන්න ඕන කියලා..ඔන්න ඉතින් එහෙම තමයි මම එයාව අදුනගන්නේ..මේ අක්කි මට දීල තිබුනේ එයාගේ මල්ලිගේ skype name එක තමයි..මන් දන්නවය ඕව..ඉතින් එහෙම අදුන ගත්ත අපි ටිකක් ටිකක් හිතවත් වෙන්න පටන් ගත්ත..දවසින් දවස චැට් කල..අපි අපේ හැමදේම බෙදා ගන්න පුරුදු උනා..ඒ වෙද්දී මම එයාගේ කටහඩවත් අහල තිබුනේ නැහැ..අපි හැමදාම හවසට චැට් එකේදී හමුඋනා..
අන්තිමට එක පුරුද්දක් වුනා..සමහර දවසට එය රැට වැඩ කරද්දී මන් එයාගේ තනියට ගොඩාක් රැවෙනකම් ඉන්න පුරුදු උන.. අපි චැට් එකෙන් ගොඩක් හිතවත් උනා...අපි අපේ දුක සැප බෙදා ගත්ත...මම එයත් එක්ක මගේ ප්‍රශ්න හැමදේම කියන්න පුරුදු උන..ගොඩාක් දවස් යනකම් අපිට කතා කරන්න පුළුවන් උනේ නැහැ..ඒ වෙද්දී එයට උන හිත තැවුලක් නිසා එය mobile phone එකක් පාවිච්චි කරන එකත් අතැරලා හිටියේ..ඒ නිසා අපිට කතා කරන්න උනෙත් නැහැ..මෙහෙම මාසයකට කිට්ටු වෙන්න අපි චැට් එකේදී හමු වෙලා දුක සැප බෙදා ගත්තා..මෙහෙම යද්දී එය මට කියුව ඉක්මනට එයා අයෙත් mobile phone එකක් ගන්නවා කියලා..මටත් හරිම සතුටු හිතුනා මොකද ඉතින් මේ තරම් දවසක් කතා කලාට මන් එයාගේ කටහඩවත් අහල නැහැනේ..මමත් අසාවෙන් තමයි හිටියේ එයාගේ කටහඩ අහන්න ...අදහස් වලින් නම් අපි ගොඩාක් කිට්ටුයි කියල මට දැනුනා එයා එක්ක චැට් කරද්දී..එත් ඉතින් හිතන්න වෙනවනේ නිකම්ම නිකම් චැට් එකකින් කෙනෙක්ව අදුනගනිද්දී ..අද කාලේ හැටියට...මට ඉතින් ඕව නොහිතුනාමත් නෙවෙයි.. ..
කොහොමින් කොහොම හරි දවසක් වුනා මාර වැඩක්..මන් කියුවනේ කලින්ම අපි රැවෙනකම් චැට් කරනවා කියලා..දවසක් ඔන්න අපි මහා රැ දෙක විතර වෙනකම් චැට් කල.එය මට එවූවා ලස්සන සින්දුවක්... මහරැ දොළහට විතර තමයි එයා මට එක එවුවේ..එක හරිම පුදුම තරම් දැනුන හදවතට..හරිම ලස්සන හුගාක් හදවතට දැනුන සින්දුවක්...මම ලියන්නම් ඒ සින්දුවේ පද වැල ඔයාලටත් කියවන්න.. ..හදවතට හුගාක් දැනේවි...ආකාස කුසුම් ෆිල්ම් එකේ සින්දුවක්.

මා නුවන් පුරා නිල් අහස වසා..
මා ලවන් පුරා මල් සුවද සරා...
මල් හීන වැසි වැටෙනා විල් තෙරේ.....
උණ පදුරු සෙවනේ...
රෝස මල් සිප ඇදෙන පෙම් සුවදේ...
ආකාස කුසුම් යහනාවේ...
මට දැනෙනවා ආදරේ...
මට හැඟෙනවා ආදරේ...

නිල අහස තරම් ආදරේ අරන්..
ඔබේ නිල් ඇස් දෙකේ හංගල...
ඇසිපිය නොසලන් සිප ගන්න හෙමින්...
සද වතුර සද දිගේ ගලනවා..
මට ආදරේ හැගෙනවා....

මල් සුවද තරම් ආදරේ අරන්..
මගේ සිත ලග නතර වෙලා...
පෙම් බඹර තුඩින් මුව රද සැලෙමින්..
විල් තෙරේ මල් සුවද ගලනවා...
මට ආදරේ දැනෙනවා.....
මට ආදරේ දැනෙනවා...


මේ සින්දුව මට පුදුම තරම් හදවතට දැනුනා... ඉතින් ඊට පස්සේ ටිකක් වෙලා අපි චැට් කරද්දී
හදිස්සියේම එයාගේ connection එකට signel නැති වෙලා චැට් එක අතරමගදී නවත්තන්න වුන..ඉතින් අපි එදා කතා කලේ අපි ගැන...හදිස්සියේම කතාව නවත්තන්න වුන අපිට..ඒ වෙනකොට රැ දෙකත් පහු වෙලයි තිබුනේ..ඇත්තටම ඒ කාලේ මට නිදිමරණ පුරුද්දක් තිබුනෙම නැහැ..හැබැයි ඉතින් මේ අමුතු හැගීමත් එක්ක මටත් හොරෙන් නිදි මත නම් ඉගිල්ලිලා තිබුනේ..පලවෙනි දවස් වල නම් නිදි කිර කිර තමයි චැට් කලේ..ඉතින් මම ටිකක් වෙලා බලන් හිටියේ..ඒ වෙලාවේ නම් හිතට පුදුමාකාර නොඉවසිල්ලක් තමයි දැනුනේ..එත් කරන්න දෙයක් තිබුනෙම නැහැ..ටිකක් වෙලා පිස්සුවෙන් වගේ හිත හිත ඉද්දි...අර වෙලාවේ මගේ ෆෝන් එකට දන්නෙනැති අංකයකින් call එකක් අවා..
කවුද කියල හිත ගන්න නම් බැරි උනා...එත් හිතේ සැකයක් තිබුන මේ එයාද කියල...ඉතින් කෝකටත් කියල අරන් බැලුව..ගත්ත ගමන් මෙන්න කොල්ලෙක් hello කියුව... එය ඉස්සෙල්ලම කියුවේ මොනවද දන්නවද? එය ගනිපු ගමන් මට කියුව" සචී , මන් සිතිජ (අපි එයාගේ නම සිතිජ කියල හිතමු එත් එයාගේ නම එක නෙවේ එක එය අසම නම ඒ වගේම මගෙත් අසම නම )" කියලා...ඊට පස්සේ එය ඇහුව මගෙන් " කොහොමද කොහොමද " කියල එයා කියවගෙන ගියා..මට නම් හිතාගන්නවත් බැරි උනා..
දන්නවද මන් ජිවිතේ අහපු මගේ හදවතට වඩාත්ම දැනුන කටහඩ තමයි මට ඒ ඇහුනේ..මට හරිම අමුතුවට දැනුනා..පපුව හිරි වැටිලා ගියා ඒ කටහඩ අහපු පළවෙනිම මොහොතේ..එක වචනයෙන් විස්තර කරන්න බැරි පුදුමාකාර හැඟීමක්...එයාගේ කටහඩ ටිකක් බර කටහඩක්...හරිම ගැඹුරු බවක් ඒ කටහඩේ ගැබ් වෙලා තිබුනා..හිතන්න මහා රැ දෙකට විතර කවදාවත් කතා කරලා නැති කොල්ලෙකුයි කෙල්ලෙකුයි කතා කරද්දී පලවෙනි වතාවට කතා කරනකොට කොහොමද කියලා..ඉතින් ඔයාලට කියන්න විශේෂම දෙයක් උනානේ එදත්..එදා තමයි අපිට පලවෙනි බාල්දිය පෙරලුනේ...පලවෙනි දවසෙම පලවෙනි අවුල .ඔයාලට මතක ඇතිනේ මන් කියපු අර සුදු කෙල්ල සිතිජ ගේ නැණා .. එදා එයාගේ b' day
එක තිබුනේ හරියටම එදාමයි..සිතිජ මේ හදිස්සියේම මට කෝල් කරලා තිබුනේ එයාගේ ෆෝන් එකෙන් තමයි..ඉතින් එයත් ඇහැරගෙන ආවනේ..
සිතිජත් ඉතින් පැනපු ගමන් යාලුවෙක් ඉන්නවා කියල එයාට දුන්නේ නැත ෆෝන් එක.. මන් බැලුව මොකද මේ වුනේ කියලා..
ඉතින් ඔන්න මෙය මට හෙලෝ නම් කියුව..මාත් ඉතින් හෙලෝ කියලා උපන්දිනේට සුබ පැතුවා විතරයි මෙන්න මෙයා මගෙන් අහනවා
"මොකක්ද කරන්නේ මේ මහා රැ ඇහැරගෙන ඇයි නින්ද යන්නේ නැද්ද??????"
කියල ඇහුවේ නැත පැන්න ගමන් අම්මෝ මන් හොදටෝම බය වුනා... මට චූට්ටක් ගොතත් ගැහුනා..මන් ඊට පස්සේ චූටි උත්තරයක් දුන්නා..
" නැ අක්කේ මේ නින්ද ගියේ නැහැ එකයි මේ චැට් කලේ..."
" මගේ උපන්දිනේට විෂ් කරන්න ඇහැරන් හිටිය නෙවෙයිනේ " කියල මට ටිකක් තරහෙන් කියුව ...
මාත් ටිකක් බය වුනා..නිකන් අර ලස්සන හැගීම් ටික එහෙම පිටින්ම නැති වෙලා ගියා වගේ දැනුනා..ඇත්තටම කියනවනම් මන් ඒ දවස්වල මහා බයගුල්ලියෙක්...ඉතින් ඔන්න එහෙම වෙලා අපි දෙන්නගේ කතාවත් එදා එතනින් නතර වුනානේ..ඊට පස්සෙත් දවසක් දෙකක් ගෙවිල ගියා චැට් එකෙන් විතරක් අපි කතා කර කර..එහෙම ඉදල සිතිජ ඉක්මනින්ම ෆෝන් එකත් ගත්ත..ඔන්න ඉතින් දෙන්නත් එක්ක නිතරම කතා කරන්න පටන් ගත්ත..එය හැමදාමත් ලෙක්චර් යන්න කලින් මට කෝල් කරන්න පුරුදු වුන...හැමදාම උදේට මන් ඉන්නේ එයාගේ කෝල් එක බලාගෙන එය උදේට ගූඩ් මොර්නින්ග් කියනකම් දවස පටන් ගන්නේ නැහැ වගේ...මන් එකට පුරුදු උනා.මගේ පාලු ජීවිතේට එය අලුත් වෙනසක් ගෙනාව..අපි හුගාක් දේවල් ගැන කතා කර..හුගාක් වෙලාවට අපිට තිබුනේ හුගක් සමාන අදහස්..අපි හුගාක් වෙලාවට එකම විදියට තමයි හිතන්න පුරුදු වෙලා තිබුන දෙන්නෙක් නිසා හරිම පහසුවෙන් අපි කතා කළා......
අපි දවසින් දවස් හොදම යාළුවො උනා.එත් අපි කවදාවත් මුණ ගැහිලා තිබුනේ නැහැ..මුණු පොතෙන් විතරක් අපි අපේ ෆෝටෝ නම් දැකල තිබුනා...එයාට තිබුනා හරිම ලස්සන ගණ ඇහිබැමක්..මන් එයාගේ පෙනුමට හුගාක් අස කලා ..එයාට තිබුනේ හරිම වෙනස් පෙනුමක්..මට ඉස්සෙල්ලම එයාගේ ෆොටෝදැකපු දවසෙත් හරිම වෙනස් හැගීමක් තමයි දැනෙන්න ගත්තේ..එයාගේ කටහඩත් මට පුදුම හුරු පුරුදු බවක් තිබුනා..මේ හැමදේම හදවත හරිම අමුතු හැගීම් ගොඩාක් මට එකත් කරලා තිබුනේ..එත් මේ හැගීම් ගොඩ ගැන හරි අවබෝදයක් තිබුනේ නැහැ...
අපි මේ අත්දැකීම් සුන්දරව විදිද්දී සිතිජගේ ගෙදර ඇතුලේ ලොකු ප්‍රශ්නයකට මුල පුරලා තමයි තිබුනේ...

මට දැන් අදට ලියන එක නවත්තන්න ඕනා...ඔයාලට ටිකක් මන් වෙනුවෙන් බලන් ඉන්න වෙනවා..මන් ආයෙත් ඉක්මනින්ම ඇවිත් ඔයාලට මේ කතාව කියන්නම්...

3 comments:

  1. ඉතින් ඊට පස්සේ..

    ReplyDelete
  2. ඒ කොල්ලනම් හරිම පිස්සු කොල්ලෙක් තම නේ .. නැත්තම් මහරට චැට් කරාවිද
    අනිත් එක ඒ කොල්ල මුලින්ම කියල තිබුනේ "ඔයාගේ කටහඩ හරිම ලස්සනය් මම ජීවිතේ දෙවනියට අහපු ලස්සනම කටහඩ කියලලු නේ "
    මට ඔය කතාව දන ගන්න හරිම කුතුහලයක් තියෙන්නේ ඒ කතාව දන ගන්න ඉවසුමක් න ....ඉක්මනට ලියන්න ..

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete