Monday, March 7, 2011

සුන්දරම ලස්සනම දවසක් ගෙවුනා...



අද අහම්බෙන් උනත් මට මගේ ආදරවන්තයව බොහොම නිදහසේ නිස්කලංකව මුණගැහෙන්න අවස්ථාවක් උදා උනා.ඉස්සෙල්ලම එයාව අදුන්වලා දෙන්නම්කො....මගේ ආදරවන්තයා තමයි චානක.. කියන්නේ ............මට මගේ ගෙදරින් එළියේ ලෝකය දකින්න ලැබෙන අවස්ථා හරිම විරලයි...ඉතින් එහෙම අවස්ථාවක් උදා උන මගේ ජිවිතයට...ඇත්තටම අහම්බෙන් උනත් ලස්සන දවසක්..කොහොමද දන්නවද එක උනේ..මට හදිස්සියේම town එකට යන්න අවස්ථාවක් ලැබුනා.ඉතින් මන් මගේ අදරවන්තයට කතාකරල කියුව එයාටත් මාව දකින්න එන්න කියල...ඉතින් ඉස්සෙල්ලාම town එකට ගියපු මම මගේ වැඩ ටික ඉක්මනින් ඉවර කරගත්ත..ඒ වෙනකොට මගේ චානක ඇවිත් තමයි තිබුනේ..එයා ඇවිත් තිබුනේ නම් තනියම නෙවෙයි..එය ඇවිත් තිබුනේ අපි දෙන්නගෙම හදවතට වඩාත්ම සමීප අපි දෙන්නටම හුගාක් ආදරය කරන අපේ හොදම යාලුවත් එක්ක..ඇත්තටම කියනවනම් අපේ කපු මහත්තයත් එක්ක තමයි එයා ඇවිත් තිබුනේ...එයා තමයි අපේ සමීන්....

ඉතින් ඔන්න අපි තුන්දෙනත් එක්කම පාරේ දිගේ ඇවිදන් ගියා මුදු වෙරළට යන්න කියලා..වැඩි දුරක් යන්න උනේ නැහැ..තවත් අපිට ගොඩාක් ආදරය කරන අම්මෙකුයි දුවෙකුයි අපට මුණගැහුනා...මේ තමයි අපේ යාළුවො කට්ටියගේ හුරතල්ම කෙල්ල...ඒ අම්මත් අපිට හුගාක් සමීප කෙනෙක්...අම්ම කෙනෙක්ට වඩා යාලුවෙක් තරමට අපිට ආදරය කරන කෙනෙක්..ඉතින් අපි කට්ටියම ඇවිදගෙන මුදු වෙරළට ගියා..මුදු වෙරල දැක්ක ගමන් මට නම් සිහියක් තිබුනෙම නැහැ..මොකද මට මෙහෙම අවස්ථාවක් ලැබෙන්නෙම නැහැනේ...මට චානක අමතක උනානේ..ආහ් අමතක උනාමත් නෙවෙයි...මන් එයාවත් දාලා අර නංගියත් එක්ක මුදු වෙරළේ රල මැද්දෙන් හුගාක් දුර දුවගෙන ගියා..හිතට පුදුම තරම් සතුටක් දැනුනා.ඇත්තටම කියනවනම් අතේ ඇගිලි ගානටත් වඩා අඩු වාර ගානක් තමයි මන් මේ වගේ අවස්ථා ජිවිතේ විදලා තියෙන්නේ..මට දැනුනේ හරියට මට පියාබන්න තටු ලැබිලා වගේ..පුදුම සැහැල්ලුවක් මුදු හුලග මට ගෙනාවා..රල පාරත් එක්ක මගේ හිතේ තිබූන හැම දුකක්ම ඇතට ඇදිල ගියා වගේ සැහැල්ලුවක් මට දැනුනා..එත් ටිකක් වෙලා යද්දී ඔන්න අපිත් එක්ක ගියපු අපේ කපු මහත්තයා ඇවිත් බැන්නා මට හොදටෝම...මන් චානක අමතක කරලා එයාව තනියම දාල හුගාක් දුර දුවල..එය මන් දිහා ඇත ඉදන් හුගාක් දුක්බර බැල්මක් හෙලාගෙන ඉන්නවා මන් දැක්ක...අයෙමත් ඇවිදගෙන මන් චානක ලගට ඇවිත් එයාගේ අතේ එල්ලුන..හරියට සමාව ගන්න වගේ.... එයාගේ මුණ පුරාවට ලස්සන හිනාවක් ඇදුනා.බලන්න අසයි ඒ හිනාව...

මන් හිතන්නේ එතකොට එයාගේ හිතේ දුක යන්න ඇති.. චානක කියන්නේ කවදාවත් මට සැර කරන්නේවත් නැති කෙනෙක්..එයාගේ ආදරේ පුදුමාකාර ආදරයක්..වෙලාවකට මට විදගන්න බැරිතරම් විශාලයි..මන් අතින් හුගාක් වෙලාවට නොහිතාම කරන වැඩ වලින් එයාගේ හිත හුගාක් රිදෙනවා...එත් එයා කවදාවත් හිත රිදුනා කියලවත් මට කියන්නෑ..... මොකද ඊට පස්සේ මගේ හිත එකට රිදේවි කියල...මම හිතන්නේ නැහැ ලේසියෙන් කෙනෙක්ට මේ වගේ ආදරයක් නම් ලැබෙව්යි කියල...ඒ අතින් නම් මන් පුදුම තරම් වාසනාවන්තයි...

ඉතින් අපි හුගාක් වෙලා මුදු රලත් එක්ක හරි හරියට සෙල්ලම් කළා..හරියට පුංචි එවුන් වගේ...ආහ් කියන්න අමතක වුනානේ..පස්සේ අපේ ගමනට තවත් කෙනෙක් එකතු උනානේ..ඒ අපේ යාලුවන්ගෙන් ඉන්න මල්ලියා...මන් එයාව අදුන්වල දෙන්නම් මෙන්න මෙහෙම..අපේ කට්ටියගෙන් හොදටෝම හිතුවක්කාරය මෙන්න මෙයා තමයි...අපි කට්ටියම පුදුම සතුටින් හිටියේ.ඔයාලා දන්නැනේ මගේ චානකටනම් තියෙන්නේ පුදුම ෆෝටො පිස්සුවක් තමයි... එයාට කොහේ ගියත් මගේ ෆොටෝ ගන්න ඕන..අයියෝ වෙලාවකට මන් මුණ දෙක කරන ඉන්න තරම්...ඉතින් එයා නම් ඇති වෙනකම් මතකයන් ගොඩකුත් එකතු කරගත්ත..ඊට පස්සේ ..මායි චානකයි ටිකක් දුර ඇවිදගෙන ගියා....චානකගේ අත් දෙකට මැදි වෙලා ඉද්දි මට දැනුනේ හරියට මුළු ලෝකයම මගේ වගේ...එයාගේ අත් මගේ කර වටේට තියෙද්දී මට කිසිම දේකට බයක් දැනෙන්නේ නැහැ...එයාගේ අත් මගේ ඉන වටේට තියෙද්දී මට හිතෙනවා මේ ලෝකේ ලස්සනම කෙල්ල මන් කියලා...මේ ලෝකේ වාසනාවන්තම කෙල්ල මන් කියලා...

එක හරිම අමුතු හැඟීමක්...අපි හවස පහමාර විතර වෙනකම් මුදු වෙරල පුරා ඇවිද්ද...අන්තිමට අපිට කුඩු වලට යන කුරුල්ලන්ගේ කිචි බිචියත් ඇහෙන්න පටන් ගත්තා.උනුත් අපි වගේම ගොඩාක් දුර ඉගිල්ලිලා හැන්ද කළුවර වැටෙද්දී ලහි ලහියට තමන්ගේ ගෙවල් බලා ඉගිල්ලිලා යනවා...මොනවා කරන්නද...කොයිතරම් සතුට ගෙනාපු කාලයක් වුනත් තවමත් අපිට එකට කූඩු වෙන්න පින් නැති හින්ද තවමත් අපිට රාත්‍රියේ හෙවනේලි වැටෙන්න පටන් ගනිද්දිම වෙන් වෙලා යන්න සිද්ද වෙනවනේ...සතුට වගේම දරාගන්න බැරි දුකකුත් ඒ වෙලාවෙනම් හිතට මහා හුගාක් දැනුනා..තදින්ම අල්ලන් හිටපු දෙයක් අතාරින්න වෙනවා වගේ...එත් කොයිතරම් දුක උනත් මොනවා කියලා නම් කරන්නද..අපි හැමෝම වෙන්වෙලා යන්න තීරණය කරා....ආදරෙන් හැමෝටම සමුදීලා අපි එන්න පිටත් වුනා.

මගේ චානකයි අපේ කපු මහත්තයයි දෙන්න නම් මාව ගෙදර කිට්ටුවටම ගෙනත් ඇරලවල තමයි ආපහු යන්න ගියේ...මට ලොකු සතුටකුත් එක්කම මොකක්දෝ ලොකු දුකකුත් හිතේ හිර කරගෙන ගෙදර දිහාවට ඇදුනා...ඔන්න ඔහොම තමයි කාලෙකින් ලැබුන ලස්සන දවස නිමා උනේ...
එහෙනම් ඔන්න මන් ගියා...අයෙත් හමු වෙමු............


සචී

4 comments:

  1. http://tharuatharin.blogspot.com/
    visit dizz.....

    ReplyDelete
  2. ඒ හැගිම් හරි අපුරුයි සචි... කෙල්ලෙක්ට තමන්ගේ ආදරවන්තයා ලග ඉද්දි දැනෙන හැගිම ගලපන්න හරි අමාරුයි... කාලය.... කාලය කියන්නේ හරිම ලෝභ දෙයක් වෙනවා එතකොට.. ම්ම්ම්ම්... ඔයා පොඩි සුන්දර මගේ මතකයක් හිතට ගෙනාවා...

    හැමදාම ඔයාලා සතුටින් එකටම ඉන්න...

    ReplyDelete
  3. නිම්ශා

    බ්ලොග් අවකාශයේදී මට ලැබුන පලවෙනි මිතුරිය තමයි ඔයා..පුරුද්දක් විදියට මම දැන් මේ දිහාට ආපු ගමන් ඔයාව බලනවා..ඔයා තමයි මට දිගටම ලියන්න ආසාවක් එකතු කලේ...මාත් එක්ක රැදෙනවාට ඔයාට බොහොම ස්තුති නිම්ශා... ඔයාගේ ප්‍රාර්ථනාවට හුගාක් පින් ඔයාට...
    දවසක අවස්ථාවක් ලැබේවි නේද මට ඔයාව අදුනගන්න...

    ඔයාගේ ජිවිතේ වාසනාවන්ත වෙන්න කියලා මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....

    ReplyDelete
  4. comment එකක් නොදැම්මත් මේ දිහාට ඇවිත් ගියපු හැමෝටම ස්තුති.......

    ReplyDelete